20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගුව ඇති ද්විත්ව පුරවැසිභාවයට එරෙහිව හඩ නැගූ පක්ෂ නායකයන් ඇතුලු මන්ත්‍රීවරුන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (21) සවස හදිසියේ කැදවා ඇති බව නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි.
ජනාධිපති ලේකම් කාර්යාලය මගින් කර ඇති මෙම කැදවීමට අනුව රාත්‍රියේ මෙම සාකච්ජාව පවත්වනු ඇති බව දැනගන්නට තිබේ.
ජාතික නිදහස් පෙරමුණ, ජාතික හෙළ උරුමය, නව වාමාංශික පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක නායකයින් තව සුළු වේලාවකින් ජනපති හමුවිමට නියමිතව ඇති බවද එම නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි.










