කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන් අතරින් 23ක් මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ඒ බව සඳහන් කළේය.
එම රැදවියන් අද දහවල් මහවැලි ගගේ දිය නැම සදහා රැගෙන ගොස් සිටියදී මෙලෙස පලාගොස් ඇති බවට මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
කෙසේ නමුදු යුද හමුදාව විසින් එම පලාගිය රැදවියන්ගෙන් 11 දෙනාගෙන 10 දෙනෙකු කන්දකාඩු ගොවිපල පරිශ්‍රයේ සැගවී සිටියදී ඊයේ දහවලදී අත් අඩංගුවට ගෙන නැවත එම කන්දකාඩු යුද හමුදා පුනුරුත්ථාපන කදවුර වෙත භාරදී ඇත.
ඉන් අනතුරුව ඊයේ සවස 5.30ට පමණ නැවත කන්දකාඩු පුනරුත්ථාපන කදවුරේ පුනරුත්ථාපනය වන රැදවියන් 50කට ආසන්න ප්‍රමාණයක් පැනගොස් ඇති අතර එම පැන ගොස් ඇති රැදවියන් අත් අඩංගුවට ගැනීම සදහා යුද හමුදාව හා පොලීසිය එක්ව මේවනවිට මෙහෙයුමක් දියත් කර ඇත.










