ආණ්ඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක සාකච්ජාවක් ලබන 19 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා ආණ්ඩුවේ සෙසු පක්ෂ 11ක නියෝජිතයන් සමග පැවැත්වීමට නියමිතය.
ආණ්ඩුවේ යෝජිත මැතිවරණ ක්‍රමය සහ පළාත් සභා ජන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කිරීමට නියමිත බව දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුලු ආණ්ඩුව නියෝජනය කරන සුලු පක්ෂ 11ක නියෝජිතයන් මෙම සාකච්ජාවට සහභාගී වීමට නියමිත බව පැවසේ.
මෙම පිරිස පසුගියදා ශ්‍රීලනිප මූලස්ථානයේ සාකච්ජාවක නිරත වූ අතර එහිදී ආණ්ඩුවේ යෝජිත මැතිවරණ ක්‍රමය සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දැඩිව විවේචනය කොට ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව අගමැතිවරයා සමග සාකච්ජා කොට මෙම ගැටලුව විසදා ගැනීමට එම කණ්ඩායම තීරණය කර ඇති බව දැනගන්නට ඇත.










