මැතිවරණ කල් දැමීමට උත්සාහ කිරීම ඇතුළු රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ පිළිවෙල පරාජයට පත් කිරීමේ පොදු එකගතාවක් සදහා නිදහස ජනතා සභාව විසින් සංවිධානය කරන ලද විපක්ෂයේ දේශපාලන පක්ෂ හමුව අද(12) පස්වරුවේ තලවතුගොඩ MONARCH IMPERIAL පරිශ්‍රයේ දී පැවැත්වීය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ පක්ෂ 16ක් ඒකාබද්ධවී මෙම සාකච්ඡාව සිදුකර තිබේ.
ජාතික ජනබලවේගය හැර විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ මීට එක්ව ඇත.
එසේම පෙරටුගාමී සමාජවාදි පක්ෂයද එම සාකච්ඡාවට සම්බන්ධ විය.










