රුපියල් කෝටි දොළහක් වටිනා කි.ග්‍රෑ. 5යි ග්‍රෑ. 500ක් බර ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධි ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික කාන්තාවක ඊයේ (22) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. (Sri Lanka Latest News)
සැකකාරිය 35 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවකි. මහනුවර ප්‍රදේශයේ පුද්ගලයකු සමඟ විවාහ වී සිටින ඇයට මෙරට වාසය කිරීම සඳහා නේවාසික වීසාද හිමි වී තිබෙන බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
ඇය තම කුඩා දරුවන් දෙදෙනා සමග ඊයේ අලුයම 12.30ට ඩුබායි සිට ගුවන්යානයකින් කටුනායක ගුවන් තොටුපොළා පැමිණ තිබිණි. එහිදී ඇය තම සිරුරේ ඉණ ප්‍රදේශයේ බැඳ තිබූ විශේෂ බඳපටියක සහ ඇයගේ අත් බෑගය තුළ පාර්සල් 8ක් ලෙස සකස් කර මේ ස්වර්ණාභරණ තොගය සඟවාගෙන මෙරටට රැගෙනැවිත් තිබූ බව රේගු නිලධාරීහු පැවසූහ.
dinamina










