ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් 10 දෙනෙකු සහ පළාත් දෙකක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු පත්කර තිබේ.Sri Lanka Latest News
අද (22) උදෑසන එම පත්කිරීම් සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයී.
අදාළ පත්වීම් 2024 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස වසන්තා පෙරේරා මහත්මිය පත්කර ඇත.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එන්.එම් රණසිංහ මහතා පත් කර තිබේ.
වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ගුණදාස සමරසිංහ මහතා පත්කර ඇත.
ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ඒ. සී. මොහොමඩ් නෆීල් මහතා පත්කර තිබේ.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ඩබ්ලිව්. පී.පී යසරත්න මහතා පත්කර ඇත.
වාරිමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස සමන් දර්ශන පාඬිකෝරාල මහතා පත්කර තිබේ.










