යාපනය ඩෙල්ෆ් පොලිස් වසමේ පංච පුද්ගල ඝාතන සිද්ධියෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි වයෝවෘද කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 100 හැවිරිදි වියේ පසුවූ රසාවින් තෝට්ටම් පාර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
ඒ අනුව එම සිද්ධියෙන් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 6කි.
සිද්ධිය වූ දිනයේම කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් පසුගිය 22වනදා අත්අඩංගුවට ගනු ලැබීය.










