• About us
  • Contact us
Wednesday, July 29, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජවිපෙන් ආණ්ඩුවට ප්‍රශ්න 10ක්! පුළුවන් නම් උත්තර දෙන්න!

September 1, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ජවිපෙන් ආණ්ඩුවට ප්‍රශ්න 10ක්! පුළුවන් නම් උත්තර දෙන්න!
Share on WhatsAppShare on Facebook

කොවිඩ් වසංගතය නිසා විශාල මරණ සංඛ්‍යාවක් සිදුවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට ඍජුව ප්‍රශ්න 10ක් ඉදිරපත් කරනු ලැබීය.

එම පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (01) බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අන්තර්ජාලය ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම ප්‍රශ්න ආණ්ඩුවට යොමු කරනු ලැබීය. එහිදී ඔහු ඉදිරිපත් කළ ප්‍රශ්න සහ අදහස් පහත පළ වේ.

“ශ්‍රී ලංකාව තුළ මතු වූ කොවිඞ් රැලි තුනට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින්ම විවිධ නාමකරණයන් දෙනු ලැබුවා. පළමුවැනි රැල්ලේදී කන්දකාඩු පොකුර, වැලිසර නාවික පොකුර ආදී විවිධ ‘පොකුරු’ නම් භාවිත කරනු ලැබුවා. ඒත් ඒ රැල්ල අවසන් වෙන තෙක්ම කොවිඞ් සමාජ ගත වූ බවත් ආණ්ඩුව විසින් පැවසුවේ නැහැ. දෙවැනි රැල්ල මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුර ලෙස හඳුන්වනු ලැබුවා. එහිදීත් සමාජ ගත වූ බවක් ආණ්ඩුව කිවුවේ නැහැ. දැන් පසුගිය අප්‍රේල් සිට ආණ්ඩුව ප්‍රකාශ කළ ආකාරයට ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ අලුත් අවුරුදු පොකුරයි. කලින් අවස්ථාවන්ට වඩා මෙහිදී ආසාදිතයන් සහ මරණ වේගයෙන් වැඩිවෙමින් පවතිනවා. අප්‍රේල් මාසයේදී මරණ 110ක් වාර්තා වුණා. මැයි මාසයේ 806යි. ජූනි මාසයේ 1593යි. ජූලි මාසයේ 1364යි. අගෝස්තු මාසයේ කොවිඞ් මරණ 4550යි. එහි අදහස අලුත් අවුරුදු පොකුර තුළ මේ දක්වා මරණ 8423ක් වාර්තා වී තිබෙන බවයි.  


සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන පරිදි කොවිඞ් මරණවලින් 70%කට වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 60ට වැඩි අයයි. එසේම මේ මරණවලින් 92%-93%ක්ම කොවිඞ් එන්නතේ එක මත්‍රාවක් හෝ නොලැබුණු අයට බවද කියනවා. දැන් අපේ රටේ සිදුවන මරණ සංඛ්‍යාව අනුව පැයකට කොවිඞ් මරණ 09ක් සිදුවන රටක් බවට පත්වී තිබෙනවා. මෙය දකුණු ආසියාවේ ඉහළම අගයයි. දකුණු ආසියාවේ දෙවැනි විශාලම සංඛ්‍යාව බවටද අප පත්වී තිබෙනවා. ඒ අනුව පැයක මරණ 09යෙන් 06ක්ම අවු. 60ට වැඩි එන්නත් නොලැබුණු අය ලෙස හඳුනා ගත හැකියි. මෙය ලෝකය බලාපොරොත්තු නොවූවක් නෙමෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය අවු. 60ට වැඩි අය වැඩි වශයෙන් මිය යා හැකි බව මුලදීම පුරෝකථනය කර තිබුණා. විශේෂයෙන් නිදන්ගත රෝග තිබෙන අය ඊට ගොදුරු විය හැකි බව කීවා. ඔවුන් එන්නත් ලබා දීමේදී 60ට වැඩි වැඩිහිටියන්ට ප්‍රමුඛතාවක් හදන්නැයි ලෝකයේ රටවල්වලට කීවේ මේ නිසයි.

පහුගිය ජනවාරි 18වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තාවක් හැදුවා. එහි ලැබෙන එන්නත් කෝටාව අනුව ලබා දෙන පුද්ගල කණ්ඩායම් ප්‍රමුඛතා ලේඛනයක් හැදුවා. 10%ක් එන්නත් ලැබෙන විට වයස අවු. 60ට වැඩි අයට එන්නත් ලබා දීමට එයින් නිර්දේශ කර තිබුණා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ තීරණය කණපිට ගැහුවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, රාජ්‍ය අමාත්‍යවරිය මේ තීරණයේ වූ වෙනස දැනගත්තේ එය පැමිණියාට පසුවයි. අද අප අත්විඳිමින් සිටින්නේ කිසිදු සෞඛ්‍ය විද්‍යාත්මක පදනමින් තොරව එන්නත් ප්‍රමුඛතාව වෙනස් කිරීමේ ප්‍රතිවිපාකයයි. අද ජනතාව ජීවිතවලින් වන්දි ගෙවමින් සිටින්නේ මේ නිසයි. මැයි මාසයේ සිට සයිනොෆාම් එන්නතවත් 60 වැඩි අයට ලබා දෙන්නට ආණ්ඩුව ප්‍රමුඛතාවය ලබා දී තිබුණානම් අගෝස්තු මාසයේදී මෙතරම් මරණ සංඛ්‍යාවක් වාර්තා නොවෙන්නට තිබුණා. අපේ රටේ වැඩිහිටියන් භුක්ති විඳිමින් සිටින්නේ මේ අත්තනෝමතික, අදූරදර්ශී තීරණයේ ප්‍රතිවිපාකයි.


ලොක්ඩවුන් එකකට යාම සඳහා ආණ්ඩුවට රට පුරා බලකිරීමක් සිදු වුණා. ආණ්ඩුව රෝගයේ ව්‍යාප්තිය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදු කළ යුතුව තිබුණා. ඒ වෙනුවෙන් පීසීආර් හා ඇන්ටිජන් පරීක්ෂණ වැඩි කළ යුතුව තිබුණා. මෙතරම් මරණ සිදුවෙද්දීත් ඒවා සිදුවූයේ ඉතාමත් අඩුවෙනුයි. අගෝස්තු මාසයේ වැඩිම පීසීආර් සිදු කළ දිනය වූ 19වැනිදා සිදු කර තිබුණේත් පරීක්ෂණ 22,290යි. අවසාන දවස් තුන තුළ මරණ 200කට ආසන්නව වාර්තා වෙද්දී පීසීආර් හා ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර තිබුණේ, අගෝස්තු 29 17,830ක්ද අගෝ. 30වැනිදා 16,869ක්ද 31වැනිදා 18,259ක්ද වශයෙනුයි. රෝගීන් අවම කරගන්න අවස්ථාවක් ලැබී තිබියෙදීත් අපේ රටේ දෛනික පීසීආර් ප්‍රමාණය 20,000 ඉක්මවා තිබෙන්නේ දවස් 04ක් තුළ පමණයි. අවම වශයෙන් එය ලක්ෂක් බවට පත් කළ යුතුව තිබුණා. රෝගයේ ව්‍යාප්තිය ගැන අදහසකට පැමිණිය හැකිව තිබුණේ එවැනි තත්වයක් තුළයි.


මේ වන විට කොවිඞ් ප්‍රභේදයන් වේගයෙන් වෙනස් වෙමින් තිබෙනවා. දකුණු අප්‍රිකානු ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා මාරාන්තික බව ප්‍රකාශ වෙනවා. එවැනි අනතුරු ඇඟවීමක් තිබියෙදී ආණ්ඩුව ඉන්දියානු සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා තීන්දුවක් ගෙන තිබෙනවා. එසේ පැමිණෙන්නේනම් දෙදෙනෙකුගෙන් එක් අයකුට නොමිලේ ටිකට් පිරිනැමීමට ආණ්ඩුව ක්‍රියාකොට තිබෙනවා. ඉන්දියානු සංචාරකයින් ගෙන්වා ගන්න ආණ්ඩුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලවා ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරනවා. ඔවුන් ‘ටු ෆෝ වන්’ නමින් ප්‍රචාරක දැන්වීම් පළ කරනවා. මෙවැනි ක්‍රියාමාර්ග ගෙන ආණ්ඩුව හදන්නේ තවත් රැල්ලක් නිර්මාණය කරගැනීමටදැයි ගැටලුවක් පැන නගිනවා. පළමු රැල්ලේ සිටම ආණ්ඩුව මෙවැනි ඔලමොට්ටල වැඩ කළා. කරන්නට උත්සාහ ගත්තා. ඉතාලියේ පැතිරෙද්දී ආණ්ඩුව ලංකාව සුරක්ෂිත යැයි ප්‍රවර්ධන වැඩසටහන් කළා. වාසනාවකට වගේ ඒ සංචාරකයෝ ලංකාවට ආවේ නැහැ. පස්සේ යුක්‍රේන සංචාරකයො ගෙනාවා. ආණ්ඩුවේ ප්‍රබලයින් කිවුවෙ ඒ අත්හදාබැලීමකට කියලයි. දැනුත් රුසියානු සංචාරකයින් ගෙන්වන්න උදයංග වීරතුංග කටයුතු කර තිබෙනවා. ඩෙල්ටා ව්‍යාප්තියත් සමග ලෝකයේ රටවල් සංචාරකයින්ට අගුළු දමා තිබෙනවා. අපි පාවාඩ දමා සංචාරකයින් ගෙන්වා ගන්න හදනවා.


පසුගිය වසර 1 1/2ක ආණ්ඩුවේ කොවිඞ් මර්දන වැඩසටහන සම්බන්ධයෙන් ජනතාවට ගැටලු ගණනාවක් පැන නැගී තිබෙනවා. ඒ ප්‍රමුඛ ප්‍රශ්න 10ක් ආණ්ඩුව වෙත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය නිල වශයෙන් ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කරනවා. මෙයට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කරන පිළිතුරු ප්‍රමාණවත් වන්නේ නැහැ. අද කොවිඞ් මර්දනයේදී ක්‍රියාත්මක වන්නේ ඔවුන් ගන්නා තීරණ නෙමෙයි. ජනාධිපතිවරයා සහ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මේ ප්‍රශ්න 10ට රටේ ජනතාවට පිළිතුරු දිය යුතුයි.

01. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2021 ජනවාරි 18 දින ඉදිරිපත් කරන ලද ජාතික එන්නත්කරණ සැලැස්ම හදිසියේ වෙනස් කර අවු. 60 වැඩි අයට එන්නත් ප්‍රමුඛතාව නොදීමට තීන්දු කළේ කවුද?


02. සයිනොෆාම් එන්නත සති 05ක් ප්‍රමාද කිරීම ගැන ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට චෝදනා කරයි. එසේ ප්‍රමාද කිරීමට කටයුතු කළ ඖෂධ නියාමන අධිකාරියේ සහ විශේෂඥ කමිටුවේ නිලධාරීන් කවුද? ඔවුන් සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග කවරේද?


03. එන්නත් ආනයනය ප්‍රමාද කර, ඒ පිළිබඳ විශ්වාසය වෙනතක යවා කෑගල්ලේ ධම්මික පැණිය වැනි ප්‍රවර්ධනය කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් භාවිත කරනු ලැබීය. එයට ආයුර්වේද දෙපාර්තමේනතුව ඇතුළු රාජ්‍ය ආයතනවල ලියාපදිංචිය ලබාදීමට බලපෑම් සිදුවිය. එවැනි ආකාරයේ ප්‍රචාරණයකට හවුල් වූ රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තුවේ ප්‍රධානීන් සහ ඇතැම් මාධ්‍ය ප්‍රධානීන් මේ පැණි කෝලමේ වගකීම භාර ගන්නේද?


04. සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත්වී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදේශ මගින් එන්නත්කරණය සිදු කරමින් පවතී. එවැනි තැන්වලට නියමිත ප්‍රමාණයට වඩා එන්නත් අඩුවෙන් ලබා දී හිතාමතා එම ප්‍රදේශවල තදබදයක් ඇතිකරමින් තිබේ. සෞඛ්‍ය අංශ සම්බන්ධව ජනතාව තුළ දෝෂදර්ශනයක් ඇතිකිරීමට සැලසුම් සහගතව ක්‍රියාත්මක වන බව පෙනේ. මේ එන්නත් හිඟය සම්බන්ධ ගැටුම් ඇති කිරීමට අදාළ තීන්දුව පැමිණෙන්නේ කොතැනකින්ද? එසේම ඇතැම් එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා නොදීමටත් ඇතැම් එන්නත් සමහර ප්‍රදේශවලට ලබා නොදීමටත් අදාළ තීන්දු ගනිමින් සිටින්නේ කවුරුන්ද?


05. කොවිඞ් ආසාදිතයින් හා මරණ සම්බන්ධයෙන් දත්ත පිළිබඳව ගැටලුකාරී තත්වයක් පවතී. මෙම දත්ත වෙනස් කිරීම සම්බන්ධ චෝදනා එල්ල වී ඇත. ඉහළ හමුදා නිලධාරියෙක් සහ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් සම්බන්ධ බවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් චෝදනා කර තිබුණි. මෙසේ චෝදනා එල්ල කරන ලද අයගෙන් සහ එල්ල වූ අයගෙන් අවම වශයෙන් ප්‍රකාශ ලබා ගෙන රටට නිවැරදි තොරතුරු ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන්නේද?


06. ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව හදිසියේ මැකී යාම සම්බන්ධයෙන් ගැටලුවක් සාකච්ඡා වෙමින් ඇත. එහි දත්ත ගොනු ලක්ෂ 11ක් අතුරුදහන් වී තිබේ. මෙය හුදු සෞඛ්‍යය පිළිබඳව පමණක් නොව රාජ්‍ය ආරක්ෂාව පිළිබඳවත් ගැටලුවකි. මේ සම්බන්ධයෙන් වගකීම භාර ගනු ලබන්නේ කවුද? ඔවුන් පිළිබඳව ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේද? දත්ත හානිය නිසා ඖෂධ හා සෞඛ්‍ය මෙවලම් ලියාපදිංචිය ප්‍රමාද වී තිබේද? එය කොවිඞ් මර්දනය බලපා ඇත්තේ කවරාකාරයෙන්ද?


07. පීසීආර් හා රැපිඞ් අන්ටිජන් පරීක්ෂණවල මිල සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇතිව තිබේ. ජනතාව ඒ වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරමින් සිටියි. මේවායේ මිල ගණන් සම්බන්ධයෙන් නැගෙන චෝදනා පිළිබඳව ලබා දෙන පිළිතුර කුමක්ද?


08. මේ වන විට පීසීආර් හා රැපිඞ් අන්ටිජන් පරීක්ෂණ දෛනිකව ලක්ෂයක පමණ ප්‍රමාණයක් සිදු කළ යුතුව තිබේ. නමුත් ඒවා සිදු කෙරෙන්නේ දෛනිකව 20,000ට ආසන්න ප්‍රමාණයකි. මෙම ප්‍රමාණය වැඩි නොකිරීමට හේතු කවරේද?


09. කොවිඞ් රැලි අනුව ඒ සම්බන්ධයෙන් වගකීම් දැරූ නිලධාරීන් මාරු වී ඇත. කොවිඞ් මර්දනයේදී ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කළ හා අත්දැකීම් ලැබූ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් ඉවත් කිරීමට තීන්දු ගනු ලැබුවේ කවුද?


10. මේ වන විට දකුණු අප්‍රිකානු ප්‍රභේදය පිළිබඳව අනතුරු හඟවනු ලැබ තිබේ. එසේ තිබියෙදී ඉන්දියානු සංචාරකයන් ඇතුළු විදෙස් සංචාරකයන් ගෙන්වීමට අදූරදර්ශී තීන්දුවක් ගනු ලැබුවේ කවුරුන් විසින්ද?

SendShareShare
Previous Post

හෙට 2ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක්!

Next Post

තාක්ෂණික දෝෂයක් එයි: චීනෙන් දෙන්න ගිය ඩොලර් බිලියන 1.5ක ණය පහසුකම අතරමග නවතී!

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

මධ්‍යම අධිවේගියේ පොතුහැර-රඹුක්කන කොටස හදන්න පටන් අරන්! බිම් සකස් කිරීම අවසන් අදියරේ! කාපට් කරන්න සියල්ල ලෑස්තියි! 2027 ජනවාරියේ වාහනේ යන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කහතුඩුවෙන් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකරන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි! I Sri Lanka Latest News

වලාන බාර ගත් ASP ඕලුගලට හදිසි කරදරයක්! ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ ප්‍රධාන ගෝලයා සයිමා මැලේසියාවේදී අල්ලා ගනී! අරන් එන්න ඕලුගල ඇතුළු කණ්ඩායමක් මැලේසියාවට! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායමක සාමාජිකයකු මත්ද්‍රව්‍ය සමග අද (28) දහවල් අත්අඩංගුවට ගත් බව...

Read more
හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තීන්දුව යළි සලකා බලන්න! යාපන නීතීඥ සංගමයෙන් අනුරට ලියුමක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.