අගමැති ඉවත් කර නව අගමැතිවරයකු පත් කරන ලෙසට ඉල්ලා ජනාදිපතිවරයා වෙත ලිපියක් යොමු කළ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 10 දෙනා විසින් තමන්ට පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීම සදහා අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීමක් කොට ඇති බව වාර්තා වේ.
අද දිනයේදී ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකවරයා වෙත මෙම ඉල්ලීම ඉදිරිපත්ව ඇති බව දැනගන්නට ඇත.










