යුක්තිය මෙහෙයුමට සමගාමී ව සංවිධානාත්මක අපරාධ සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කුඩු අසංක, ලඩියා සහ කුඩු ශ්‍රියානි විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් සහ දේපොළ රැසක් අද දින නීති විරෝධී වත්කම් හා දේපොළ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් සිය භාරයට ගෙන තිබේ. Sri Lanka Latest News
මේ යටතේ පහත දේපොළ සහ මුදල් තහනම් කර භාරයට ගෙන ඇත,
බස් රථ 03ක්
කාර් රථ 02ක්
යතුරු පැදි 02ක්
තෙමහල් නිවසක් ඇතුළු ඉඩම් 04ක්
රත්‍රං පවුම් 50ක්
මුදලින් රුපියල් 123,000ක්
ඉහත තහනමට ගත් දේපොළ සහ මුදල්වල වටිනාකම ලක්ෂ 920කට ආසන්න බව අනාවරණය වී ඇත.










