ADVERTISEMENT
දිනෙන් දින වාර්තා වන ළමා අපයෝජන සිද්ධීන් වල වැඩිවීම සහ ඒවා මැඩපැවැත්වීම උදෙසා ගතයුතු ක්‍රියාමාර්ග පිලිබදව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27/2යටතේ ප්‍රශ්නයක් අසනු ලැබීය.
එක්සත් ජාතීන්ගේ ළමා අයිතීන් කමිටුව (UNCRC) විසින් ද මෙරට ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් රතු එළියක් නිකුත් කර ඇති බව වාර්තා වේ. මේ නිසා මෙරට දරුවන් ළමා හිංසනය ඇතුළු සියලු අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උදා කරදීම සඳහා රජය සියලු පාර්ශවයන් සමග එක්ව කටයුතු කළ යුතු බවද විපක්ෂ නායකතුමා අවධාරණය කරනු ලැබීය.