හෙදියන් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගැනීම හේතුවෙන් හොරණ මූලික රෝහලේ 5 වන සහ 9 වන වාට්ටු තාවකාලිකව වසා තැබිමට පියවර ගෙන තිබේ.
රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ එක් හෙදියකගේ ස්වාමි පුරුෂයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන බවත් ඔහු ට සහ තවත් පවුලේ සාමාජිකයෙකුට කොවිඩි නයින්ටීන් ආසාදනය වී ඇති බවත්ය.










