• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොරකම නැති කරනවා කියලා දේශපාලකයො කොච්චර කිව්වත් වැඩක් වෙලා නෑ! 2021ට වඩා 2022දි ලංකාවේ දූෂණය ඉහළ ‌ගොස් ඇති බව ලෝකෙටම කියපු අලුත්ම වාර්තාව මෙන්න!

February 1, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
පොලිස් මුරපොළක් මුරකරුවෙක් CCTV කැමරා 60ක් තිබියදී රත්නපුරේ මහ සමන් දේවාලයේ පඬුරු ගබඩාවට හොරු පනී! ලක්ෂ ගාණක සල්ලි අරන් ගිහින්!
Share on WhatsAppShare on Facebook

2021 වසරට වඩා 2022 වසරේ ශ්‍රී ලංකාවේ දූෂණය ඉහළ ගොස් ඇතැයි, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය සිය නවතම වාර්තාවකින් අනාවරණය කර තිබේ. 

රාජ්‍ය අංශයේ දූෂිත ක්‍රියාකාරකම් පදනම් කරගනිමින් ඔවුන් නිකුත් කළ දූෂණ සංජානන දර්ශකය අනුව රටවල් 180 ක් අතරින් ශ්‍රී ලංකාව සිටින්නේ 101 වන ස්ථානයේයි.

ලෝක බැංකුව, ලෝක ආර්ථික සමුළුව, පෞද්ගලික අවදානම් සහ උපදේශන සමාගම්, බුද්ධි මණ්ඩල සහ වෙනත් පාර්ශ්ව ඇතුළු බාහිර මූලාශ්‍ර 13 කින් ලබා ගත් දත්ත අනුසාරයෙන් දූෂණ සංජානන දර්ශකය ගණනය කිරීම් සිදු කරයි. 

මීට අමතරව විශේෂඥ අදහස් සහ ව්‍යාපාර ප්‍රජාවගෙන් ලබාගත් සමීක්ෂණ දත්ත ද මෙම ගණනය කිරීම්වලට යොදා ගන්නා අතර දූෂණ සංජානන දර්ශක පරිමාණය, ලකුණු 0 බෙහෙවින් දූෂිත අගය වන අතර 100 ඉතා පිරිසිදු අගයයි.

මෙම අගයන් දෙක අතර රටවල් ශ්‍රේණිගත කිරීම සිදුවේ.

2022 වසරේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති දූෂණ සංජානන දර්ශක අගය 36 කි. 

එය 2021 වසරට වටා ඒකක එකක අඩුවීමකි. 

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය පෙන්වා දෙන්නේ ඉතිහාසයේ වාර්තා කළ  තිබූ අවම අගය වන 36 පසුගිය 2022 වර්ෂයේදී වාර්තා ක‍ර තිබීම කනගාටුදායක තත්ත්වයක් බවයි.

දූෂණයට එරෙහිව රාජ්‍යයන් කටයුතු කරන බවට ප්‍රකාශ කර ඇති නමුත් ඒ සඳහා නිශ්චිත ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ අවම රටවල් ප්‍රමාණයක් බව ද ඔවුහු පෙන්වා දෙති..

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය පවසන්නේ, රටේ ආර්ථිකයට සහ පුරවැසියන්ගේ ජීවන තත්ත්වය මත අහිතකර ලෙස බලපා ඇති දූෂිත චෞර තන්ත්‍රය සහ පවත්නා ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග නොගැනීමත් සමග සිවිල් සමාජය මර්දනය කිරීම තුළින් දූෂණය මැඩලීමට දේශපාලන කැමැත්තක් නොමැති බව පිළිඹිබු වීම යන හේතු මත ශ්‍රී ලංකාව ද මෙම ගණයට අයත් වන බවයි.

පසුගිය වසරේ රට පුරා ව්‍යප්තවූ ජන අරගලයක නිරත වූ ශ්‍රී ලාංකිකයන්, දූෂණය සහ දුර්වල ආණ්ඩුකරණය මගින් රටේ ආර්ථිකය සහ ඔවුන්ගේ එදිනෙදා ජීවිතය කෙරෙහි ඇති කරන දැඩි බලපෑම තේරුම් ගනිමින් සිටින බව ද ඔවුන් නිකුත් කළ දූෂණ සංජානන දර්ශක වාර්තාවේ සඳහන් ය.

ජාතියේ බංකොළොත්භාවයට වගකිව යුතු අයට එරෙහිව විරෝධය දක්වමින්, දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි ආකාරය රජය සිහි තබාගත යුතු බවද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ආයතනය අවධාරණය කරයි. 

කඩා වැටී ඇති ආර්ථිකය යළි පණ ගැන්වීමට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පතා ඇති අතර ඒ සඳහා මූල්‍ය විනිවිදභාවය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ ශක්තිමත් දූෂණ විරෝධී නීතිමය රාමුව වැඩිදියුණු කිරීම තුළින් දූෂණ අවදානම් අවම කිරීමේ අවශ්‍යතාව ද ඇති බව ඔවුන්ගේ අදහසයි.

2022 දූෂණ සංජානන දර්ශකය අනුව ඩෙන්මාර්කය, පින්ලන්තය සහ නවසීලන්තය දර්ශකයෙහි ඉහළින්ම සිටින අතර දූෂිත රටවල් අතර ඉදිරියෙන්ම සිටින්නේ දකුණු සුඩානය, සිරියාව සහ සෝමාලියාවයි. 

SendShareShare
Previous Post

අනුරත් නැගෙනහිරට යයි! VIDEO

Next Post

ආණ්ඩුව ඉස්සරහා දණ ගහන්න අපි සූදානම් නෑ! මාව ඇතුළෙදි මරන්න හදපු කුමන්ත්‍රණ ගැන-සැලසුම් ගැන-එක්කන් ගිය තැන් ගැන-නිලධාරීන් ගැන නම්ගම් එක්කම හෙට රටටම හෙළි කරනවා! අලුත් අරගලය හෙටින් පස්සේ පටන් ගන්නවා! මාස 6ක් ඇතුළෙ ඉඳලා එළියට ආපු වසන්ත බය නැතිව කරපු කතාව මෙන්න! VIDEO

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.