• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හේමසිරි-පූජිත් බිල්ලට දීලා අනෙක් සියලු දෙනා බේරන්න හදන අරුම පුදුම පාස්කු පරීක්ෂණය!

May 17, 2021
in Exclusive
Reading Time: 10 mins read
A A
හේමසිරි-පූජිත් බිල්ලට දීලා අනෙක් සියලු දෙනා බේරන්න හදන අරුම පුදුම පාස්කු පරීක්ෂණය!
Share on WhatsAppShare on Facebook

‘පූජිතට-හේමසිරිට චෝදනා 1,728ක්’
‘ත්‍රිපුද්ගල මහාධිකරණ දෙකක නඩු’

මේ පසුගිය 09 වැනිදා මේ රටේ ප්‍රධාන පෙළේ සියලු පුවත්පත්වල පළවූ සිරස්තලයය. එදින සියලුම රූපවාහිනී නාළිකාවන්වල පළවූ පුවත බවට පත්වූයේද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන වගකිවයුත්තේ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුත්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරටත් එරෙහිව නඩු ගොනුකර ඇති බවය.

ඒ අනුව මෙම පුවත එක්වරම දකින ඕනෑම කෙනෙකුට හැඟී යන්නේ පාස්කු ප්‍රහාරය සිදුවීමේ සම්පූර්ණ වගකීම හේමසිරි සහ පූජිත් විසින් ගතයුතු යැයි කියාය. ප්‍රහාරයට මේ දෙදෙනා සම්පූර්ණයෙන් වගකිව යුතු යැයි කියාය. මේ දෙදෙනාගේ වගකීම් විරහිත බව හේතුවෙන් 300කට අධික පිරිසකට ජීවිත අහිමි වූවා යැයි කියාය.

නමුත් ඇත්ත තත්ත්වය එයමද? පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ හේමසිරි හා පූජිත් විතරද? වෙන කිසිවෙකුත් මේ ප්‍රහාරයට වගකිව යුතු නැද්ද?

ප්‍රශ්නය තියෙන්නේ එතැනය.

පාස්කු ප්‍රහාරය එල්ල වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කොමිසම් කිහිපයක්ම පත් කෙරිණි. ඉන් පළමු වැන්න පත් කළේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මතාය. ප්‍රහාරය එල්ල වන විට රටේ ජනාධිපතිවරයා වූයේ මෛත්‍රිපාල සිරිසේන මහතාය. ඒ වන විට ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළේද මෛත්‍රිපාල සිරිසේන මහතාය. ප්‍රහාරය එල්ල වන විට ජනාධිපතිවරයා රැඳී සිටියේ සිංගප්පූරුවේය. ඒ අනුව ප්‍රහාරය එල්ල වූ පසු ජනාධිපතිවරයා ඒ පිළිබඳ සෙවීමට ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කළේය.

ඒ වන විට අගමැතිවරයා වශයෙන් කටයුතු කළේ රනිල් වික්‍රමසිංහය. රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා වූයේ රුවන් විජයවර්ධනය. පොලිසිය බාර ඇමැතිවරුන් ලෙස සාගල රත්නායක කටයුතු කර තිබිණි. මීට අමතරව රාජ්‍ය බුද්ධි සේවය මෙන්ම පොලිසියේ ප්‍රධානීන් රැසක් මේ ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන සිටි බව මෙම කොමිසම හමුවේ අනාවරණය වී තිබිණි.

මීට අමතරව එවකදී ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත්තේය. මාස ගණනාවක් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තවත් බොහෝ කරුණු මෙම කාරක සභාව හරහාද අනාවරණය විය.

එමෙන්ම රහස් පොලිසියද මේ පිළිබඳ වෙනම විමර්ශනයක් සිදුකළේය. මේ සියලු පරීක්‍ෂණ සිදුකරද්දී එවකදී ඒකාබද්ධ විපක්‍ෂය ලෙස කටයුතු කළ වත්මන් ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමැතිවරුන් එදා ඍජුවම චෝදනා කළේ පැවැති ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ සිට ආරක්‍ෂාව සම්බන්ධව සිටින සියල්ලන් මේ ප්‍රහාරයට වගකිව යුතු යැයි කියාය. එම ආණ්ඩුවේ මුස්ලිම් මැති ඇමැතිවරු කිහිප දෙනෙක් ඍජුවම ප්‍රහාරයට සම්බන්ධ බවටද එදා එකල ප්‍රසිද්ධියේ චෝදනා කළහ. තම ආණ්ඩුවක් බලයට පත්වූ සැණින් මේ සියලු දෙනා අල්ලා දඬුවම් කොට පාස්කු ප්‍රහාරයෙන් මියගියවුන්ට සාධාරණය ඉටු කරන බවද කියා සිටියේය.

නමුත් දැන් නව ජනාධිපතිවරයා හා ආණ්ඩුව බලයට පත්ව වසර එකහමාරකට ආසන්න කාලයක් ගෙවී ගොසිනි. ඒ කාල සීමාව ඇතුළත ජනාධිපති විමර්ශන කොමිසම සිය වාර්තාව බාර දුන් අතර, දැන් එහි ප්‍රතිඵලයක් ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතාටත්, පූජිත ජයසුන්දර මහතාටත් එරෙහිව නඩු පැවරීමට කටයුතු කොට ඇත.

එසේ නම් සමස්ත ප්‍රහාරයටම වගකිව යුතු වන්නේ මේ දෙදෙනාද? එවක ජනාධිපතිවරයා මෙන්ම ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන ඇතුළු ආරක්‍ෂාව බාරව සිටි අනෙක් කිසිවෙකුත් ඊට වගකිව යුතු නැද්ද? ඔවුන්ට නඩු පැවරිය යුතු නැද්ද?

තවම දඬුවමක් නැතත් නඩු ඇහෙමින් යයි. ඒත් පාස්කු දින ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ කොමිසමේ වාර්තාව පරිස්සමට හදාරන විට පේන්න තියෙන්නේ එය මේ දෙන්නා පිටම පමණක් තනිව පැටවෙනා වරදක් නොවිය යුතු බවය. මේ මතු ලියන්නේ සහරාන්ගේ සහ එම සංවිධානවල ක්‍රියාකාරකම්වල ස්වභාවයන් ගැන එවකට රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂවරයාව සිටි නිලන්ත ජයවර්ධන විසින් එවන ලද දැනුම් දීම්ය.

”2016.11.17 ජාත්‍යන්තර සන්දර්භයක් තුළ අයි.එස්. ගැන සහ ශ්‍රී ලංකාවේ රැඩිකලීකරණය වූ පුද්ගලයන් වන අදිල් අමිස් සහ සහරාන්ගැනද 2017.03.16 අයි.එස්. මතවාදය වෙනුවෙන් පෙනී සිටි ශ්‍රී ලාංකිකයන් ගැන 2017.03.10 දින සිදුවූ කාත්තන්කුඩි අලියාර් හන්දිය සම්බන්ධව එන්.ටී.ජේ. සාමාජිකයන් සහ ඔවුන්ගේ හැසිරීම පිළිබඳ පැහැදිලි කරයි.
2017.06.13 ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අන්තවාදී ආගමික (බෞද්ධ හා මුස්ලිම්) කණ්ඩායම් සහ සංවිධාන ගැන. අයි.එස්. දෘෂ්ටිවාදයේ ජාත්‍යන්තර හා කලාපීය ව්‍යාප්තිය පිළිබඳ ඔහු පැහැදිලි කර ඇත.

2017.09.11 අන්තර්ජාතික සන්දර්භය තුළ රාජ්‍ය බුද්ධි සේවය ප්‍රතිසන්ධානයට හා සංවර්ධනයට අහිත කර සිදුවීම් පිළිබඳ ඔහු විස්තරකර ඇත.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවය ක්‍රියාකාරකම් විස්තර කිරීමේදී නිලන්ත ජයවර්ධන පැහැදිලිවම සහරාන් හෂීම් අන්තවාදී දේශකයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු ශ්‍රී ලංකා තරුණයන් අයි.එස්. දෘෂ්ටිවාදය දෙසට පොළඹවන බව පැහැදිලිව හඳුනාගෙන තිබේ.

2018.01.05 ජනවාර්ගික සමගිය කෙරෙහි බලපෑමක් ඇතිකරන සිදුවීම් පිළිබඳ පැහැදිලි කරයි. ඔහු මොහොමඩ් සහරාන්ගේ මාර්ගගත දේශන ජනවාර්ගික සමගිය සදහා තර්ජනයක් ලෙස ඉස්මතු කරයි.

සහරාන්ගේ මාර්ගගත දේශනවලදී ඔහු ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තු ක්‍රමය විවේචනය කර ඇති අතර ජිහාඩ්හි වැදගත්කමද අවධාරණය කර තිබේ.

2018.10.23 ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අන්තවාදී ආගමික (බෞද්ධ හා මුස්ලිම්) කණ්ඩායම් සහ සංවිධාන ගැන. අයි.එස්. දෘෂ්ටිවාදයේ ජාත්‍යන්තර හා කලාපීය ව්‍යාප්තිය පිළිබඳ ඔහු පැහැදිලි කර ඇත.

2018.11.13 මෙම ඉදිරිපත් කිරීම මගින් ශ්‍රී ලංකාව තුළ අයි.එස්. දෘෂ්ටිවාදය ව්‍යාප්ත වීම සහ මෙම දෘෂ්ටිවාදයෙන් රැඩිකලීකරණය වූ පුද්ගලයන් පිළිබඳ පැහැදිලි කෙරේ. මුහම්මද් සහරාන් යනු නොඇදහිලිවන්තයන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට මුස්ලිම්වරුන් පොළඹවන පුද්ගලයකු ලෙස හඳුනාගෙන තිබේ.

2019.01.14 මාවනැල්ල බුද්ධ ප්‍රතිමා සිද්ධිය ගැන පැහැදිලි කරයි. සැකකරුවන් (සාදික් සහ සාහිඩ්) සහ සහරාන් සමග ඔවුන්ගේ සම්බන්ධතා ඇති බව එයින් අවධාරණය කරයි.

2019.02.19 අධ්‍යක්ෂ රාජ්‍ය බුද්ධි සේවයේ නිලන්ත ජයවර්ධන විසින් වනාතවිල්ලුව පිපිරීම් ප්‍රකෘතිමත් වීම සහ සහරාන් සමග ඇති සම්බන්ධතා පිළිබඳ පුළුල් ඉදිරිපත් කිරීමක් කළේය.

අධ්‍යක්ෂ රාජ්‍ය බුද්ධි සේවයේ නිලන්ත ජයවර්ධන මහතා පහත සඳහන් බුද්ධි වාර්තා ජනාධිපති සිරිසේන වෙත යවා තිබේ.

වාර්තාවේ දිනය
“කරුණු ජනාධිපතිවරයාගේ අවධානයට යොමු විය.”
2016.11.24 ශ්‍රී ලංකාවේ අයි.එස්. පිළිබඳ 2016 නොවැම්බර් 17 වැනි දින ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ කළ කතාවෙන් පසුව විවිධ මුස්ලිම් දේශපාලන හා සමාජ නායකයන් මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර තිබේ. (රාවුෆ් හකීම්මහතා, එන්.එම් අමීන් මහතා, රිෂාඩ් බදුර්දීන් මහතා)

රාජ්‍ය බුද්ධි සේවය විසින් තවුහිද් දෘෂ්ටිවාදයේ දැඩි අනුගාමිකයකු ලෙස මොහොමඩ් සහරාන් ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර ඇත. තවද සහරාන්ගේ අන්තවාදී කතාව (X- 410ඊ) පිළිබඳ SIS විසින් ජනාධිපතිවරයාට දන්වන අතර සහරාන් විසින් ගරු ඥානසාර හිමි දෙවියන්ගේ සතුරකු ලෙස නම් කර ඇති බව අවධාරණය කරයි.

2017.05.26 ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් මුස්ලිම් තරුණයන්ට අයි.එස්. දෘෂ්ටිවාදය දෙසට ගමන්කිරීමේ ප්‍රවණතාවක් ඇති බව රාජ්‍ය බුද්ධි සේවය ජනාධිපතිවරයාට දන්වා සිටියේය.

2017.06.06 අයි.එස්. රාජ්‍ය බුද්ධි සේවය දෘෂ්ටිවාදයෙන් පෙළඹී සිටින පුද්ගලයන් විසින් ඇදහිලිවන්තයන් නොවන අයට එරෙහිව ප්‍රහාර දියත් කිරීමේ හැකියාවක් පවතින බව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ජනාධිපතිවරයාට දන්වා සිටියේ රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ බටහිර සංචාරකයින් එක්රැස් වන ප්‍රදේශවල ආරක්ෂාව වැඩිකිරීම වඩාත් සුදුසු බවයි.
2017.06.06 අයි.එස්. ප්‍රහාරවලින් හා විය හැකි තර්ජනවලින් ආනුභාව ලත් ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයෙකු ගැන.
2017.06.20 සිරියානු ගුවන් ප්‍රහාරයෙන් තස්කීර් අහමඩ් තාජුඩින්ගේ මරණය

2017.11.30 සමහර සිංහල හා මුස්ලිම් කණ්ඩායම් අතර ගිංතොට සිද්ධිය පිළිබඳ වාර්තාව.

මෙම සිද්ධිය පිළිබඳ 2017.11.30 අන්තවාදී දේශක සහරාන් කළ අදහස් ඉස්මතු කරයි. සහරාන් සිය කතාවේදී ප්‍රකාශ කර ඇත්තේ අල් කුරානයට අනුව මෙවැනි ඇදහිලිවන්තයන් යටතේ සිටීම අවශ්‍ය නොවන බවත් මෙම ඇදහිලිවන්ත නොවන අයට එරෙහිව ජිහාඩ් කිරීමට අවසර ඇති බවත්ය.

2018.02.28 තුර්කි ක්‍රියාකාරිකයකු වන අබු අබ්දුල්ලා අල් යේමනය සමග සම්බන්ධීකරණයෙන් අල්කයිඩාවට සම්බන්ධ ශ්‍රී ලාංකිකයකු පිළිබඳ තොරතුරු, අල් ඕස්ටේ්‍රලියානු ජාතිකයෙක් දකුණු ආසියානු රටක ත්‍රස්තප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කරමින් සිටී.

2019.01.06 මාවනැල්ල සිද්ධිය පිළිබඳ වාර්තාව. එහි සඳහන් වන්නේ මෙම ක්‍රියාව සිදුකරනු ලැබුවේ තවුහිද් අන්තවාදී කණ්ඩායම විසින් බවයි. මාවනැල්ල සිද්ධියේ සැකකරුවන් සහ සහරාන් අතර ඇති සම්බන්ධය පිළිබඳ ජනාධිපතිවරයාට දැනුම් දෙනු ලැබේ.”

මේ අනුව රාජ්‍ය බුද්ධි අංශය එවකට ශ්‍රී ලංකාවේ ආරක්ෂක ඇමති ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව 2015 ජනවාරි 09 වැනිදා සිට කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කර තිබේ. මේ පරීක්ෂණ වාර්තාවේ එක් තැනක පැහැදිලිව සටහන් තබා ඇත්තේ,

”ජනාධිපති සිරිසේන ගනු ලැබූ ක්‍රියාමාර්ගය විධායක ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ඔහු වෙත පැවරී ඇති රාජකාරි හා වගකීම්වලින් බැහැර වන බව පරීක්ෂණ කොමිෂන් සභාව නිරීක්ෂණය කරයි”

ඉහත තොරතුරු දැනුම්දීම පිළිබඳ යම් යම් ව්‍යතිරේකයන් ඉදිරිපත් කළද මේ ප්‍රධානීන්ට ඉන් ගැලවීමේ අයිතියක් නැත.
එසේම මේ පරීක්ෂණ වාර්තා ප්‍රකාරව ලබාදී ඇති නිර්දේශ කීපයක් මෙසේ ඉදිරිපත් කරමු. ඒවා සම්පූර්ණයෙන්ම ඉහත කොමිසමේ වාර්තාවෙන් උපුටාගන්නා ලද ඒවා වන අතර මුද්‍රණ හෝ පරිවර්තන දෝෂ පමණක් නිවැරැදි කර තිබේ.
පරීක්ෂණ කොමිසම එවකට ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධව පැමිණ ඇති නිගමනය මේ යැයි හඳුනාගත හැකිය.

”සාක්ෂි මත පදනම්ව ඉහත විස්තර කර ඇති ක්‍රියාවන් හෝ අතපසුකිරීම් සම්බන්ධයෙන් ඔහුගේ පැත්තෙන් සාපරාධී වගකීමක් ඇති බව පරීක්ෂණ කොමිෂන් සභාවෙහි අදහසයි. දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ ජනාධිපති සිරිසේනට එරෙහිව අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරයි”.

අගමැති රනිල් වික්‍රමසිංහ කෙරෙහි යම් ලිහිල් තීන්දුවක් ගෙන ඇතැයි පෙනෙන්නට ඇති මුත් ඔහුද මේ සම්බන්ධව නිදොස් බව ඔවුන් නිගමනය නොකරයි. ඔවුන් මේ සාක්ෂි ප්‍රකාරව මෙසේ සටහන් තබයි.

“අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා ජාතික ආරක්ෂක කවුන්සිලයෙහි සමහර පූර්ණ රැස්වීම් සඳහා රැඳී නොසිටි බවට සාක්ෂි ඔහු විසින් පැහැදිලි කර නැත. හුදෙකලා ලෙස ගත් මෙය ඔහුට එරෙහිව අහිතකර සොයාගැනීම් කිරීමට ප්‍රමාණවත් නොවේ. කෙසේ වෙතත් ජාතික ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් ඔහුගේ පැත්තෙන් සැහැල්ලු ප්‍රවේශයක් පිළිබිඹු කරන තවත් අවස්ථා තිබේ”.

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පිළිබඳ මෙසේත් “සාක්ෂි මත පදනම්ව, ඉහත විස්තර කර ඇති ක්‍රියාවන් හෝ අතපසුකිරීම් සම්බන්ධයෙන් ඔහුගේ පැත්තෙන් සාපරාධී වගකීමක් ඇති බව පරීක්ෂණ කොමිෂන් සභාවෙහි අදහසයි. හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩුපැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරයි.”

සී.එන්.අයි. සිසිර මෙන්ඩිස් පිළිබඳ මෙවැන්නකුත් “සාක්ෂි මත පදනම් පදනම්ව ඉහත විස්තර කර ඇති ක්‍රියාවන් හෝ අතපසු කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පැත්තෙන් සාපරාධී වගකීමක් ඇති බව පරීක්ෂණ කොමිෂන් සභාවෙහි අදහසයි. දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ සිසිර මෙන්ඩිස් මහතාට එරෙහිව අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරයි.” ඔවුන් සඳහන් කරයි.

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සම්බන්ධව “සාක්ෂි මත පදනම්ව ඉහත විස්තර කර ඇති ක්‍රියාවන් හෝ අතපසුකිරීම් සම්බන්ධයෙන් ඔහුගේ පැත්තෙන් සාපරාධී වගකීමක් ඇති බව පරීක්ෂණ කොමිෂන් සභාවෙහි අදහසයි. එස්.ඩී.අයි.ජී. නිලන්ත ජයවර්ධනට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරයි.”

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ඳවද ඔවුන් දරන්නේ මෙවන් අදහසකි.

“ඉදිරිපත්වී ඇති සාක්ෂි මත පදනම්ව, ඉහත විස්තර කර ඇති ක්‍රියාවන් හෝ අතපසුකිරීම් සම්බන්ධයෙන් ඔහුගේ පාර්ශ්වයෙන් සාපරාධී වගකීමක් ඇති බව පරීක්ෂණ කොමිසමෙහි අදහසයි. දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ පූජිත ජයසුන්දර මහතාට එරෙහිව අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා සලකා බැලිය යුතු බව පරීක්ෂණ කොමිසම නිර්දේශ කරයි.”

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ, සංවිධානාත්මක අපරාධ, පොලිස් මත්ද්‍රව්‍ය කොට්ඨාස සහ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි එම්.ආර්. ලතීෆ් පිළිබඳ ඔවුන් දරන්නේ මෙවන් අදහසකි. “පරීක්ෂණ කොමිෂන් සභාව විසින් ඔහු ඒ සම්බන්ධයෙන් ගත් පියවර විමසූ විට ඔහුගේ ප්‍රතිචාරය වූයේ ඉන්දීය තානාපති කාර්යාලය හා සම්බන්ධ වී එයාට ආරක්ෂාව සැපයූ බවයි. කෙසේ වෙතත් ලැබී ඇති බුද්ධි තොරතුරු මත ක්‍රියා කිරීමට ඔහු සිය බුද්ධි කොට්ඨාසවලට උපදෙස් නොදුන්නේ මන්ද යන්න පුදුම සහගතය.”

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ (ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති භාර බස්නාහිර පළාත) ඔහු පිළිබඳ කොමිසම් වාර්තාව මෙසේ සඳහන් කරයි.

“සාක්ෂි මත පදනම්ව, ඉහත විස්තර කර ඇති ක්‍රියාවන් හෝ අතපසුකිරීම සම්බන්ධයෙන් ඔහුගේ පාර්ශ්වයෙන් සාපරාධී වගකීමක් ඇති බව පරීක්ෂණ කොමිසමෙහි අදහසයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ හෝ පොලිස් ආඥා පනතේ 82 වැනි වගන්තියේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව පරීක්ෂණ කොමිසම නිර්දේශ කරයි.”

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නියෝජ්‍ය පොලිස්පති (කොළඹ-උතුර) “ඒ අනුව ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට පරීක්ෂණ කොමිසම නිර්දේශ කරයි.”

මීට අමතරව තවත් කීප දෙනෙක් සම්බන්ධවම පරීක්ෂණ කොමිසමේ වාර්තාවේ සඳහන්ව තිබේ. ඉන් දස දෙනකුට දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකාබැලිය යුතු බව කොමිසමේ අදහසයි. එසේම තවත් දෙදෙනෙක් සම්බන්ධව විනය ක්‍රියාමර්ග ගැනීමට යෝජනා කරන අතර රනිල් වික්‍රමසිංහ සහ එම්.ආර්. ලතීෆ් සම්බන්ධව ද නිදොස් බවට සහතිකයක් නැත.

නමුත් අද වන විට මේ සම්බන්ධව දඬුවම් විඳින්නේ ඉන් දෙදෙනෙක් පමණි. ඒ අතර ඉහත අපරාධය සිදුකළ සහ ඊට අවශ්‍ය පහසුකම් සැපයූ කිසිවෙක් ගැන නීතිමය පියවරක් ගෙන නොමැත.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

බැසිල් රට ගියේ ඇයි? ආණ්ඩුවේ වට්ස්ඇප් ගෲප් එකේ කැටගොඩ තැබූ පණිවුඩය!

Next Post

සජිත්ට විරුද්ධව බොරුවක් මැව්වේ කව්ද? සජබෙන් ඒකමතික නිවේදනයක්

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.