• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්ට විරුද්ධව බොරුවක් මැව්වේ කව්ද? සජබෙන් ඒකමතික නිවේදනයක්

May 17, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
සජිත්ට විරුද්ධව බොරුවක් මැව්වේ කව්ද? සජබෙන් ඒකමතික නිවේදනයක්
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළිදරව් කිරීමට බාධා පමුණුවන බව සම්බන්ධයෙන් පළ වන අසත්‍ය වාර්තා පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (17) සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමට දැනුම්දුන් අතර අදාළ වාර්තා අසත්‍ය බවට යෝජනාවක් ද සම්මත කරගනු ලැබීය.

සමගි ජනබලවේගයේ ජ්‍යේෂ්ඨ උප සභාපති රාජිත සේනාරත්න මහතාගේ සහ සහකාර ලේකම් අශෝක් අබේසිංහ මහතාගේ යෝජනා ස්ථීරත්වයෙන් එය සම්මත විය.

 ඒ පිළිබඳව සමගි ජන බලවේගය නිකුත් කළ විශේෂ නිවේදනය මෙසේය.

මෑත ඉතිහාසය තුළ මෙරට සිදුවූ මිලේච්ඡ සිදුවීම වූයේ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයයි. එම ප්‍රහාරයේ බියකරු මතක මේ රටේ සියලු දෙනා තුළ තවමත් රැව් පිළිරැව් දෙමින් තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්, ඔවුන්ට උපරිම දඩුවම් ලබා දියයුතු බවත් අපි මුලසිටම ගත් ස්ථාවරය වන අතර එය කිසිම විටෙක නොවෙනස් ස්ථාවරයකි. එම ප්‍රහාරය දියත් කළවුන්ද ඊට අනුබල දුන් පිරිස්ද මිලේච්ඡ ත්‍රස්තවාදීන් ලෙස සෘජුවම ප්‍රකාශ කිරීමට සමගි ජනබලවේගය කොන්දේසි විරහිතව ඉදිරිපත් වේ.

ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන සහ ඒ වෙනුවෙන් පෙනී සිටින ප්‍රතිපත්තිය අප තුළ දැඩි ලෙස ඇති අතර, පාස්කු ප්‍රහාරයේ චූදිත ත්‍රස්තයින් සම්බන්ධයෙන්  අපේ ස්ථාවරය ඔවුන්ට මරණ දඩුවම දියයුතු බව ය. ඒ තරමටම එම බියගුළු ප්‍රහාරය සහ ඊට සම්බන්ධ වූවන් පිළිබඳව පිළිකුලක් අපතුල වෙයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස ඇති බොහෝ තොරතුරු හෙලිදරව් කිරීමට සහ ඒවා පිළිබඳව පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් කතා කිරීමට අප කිසිවිටෙක පසුබට නොවූ අතර සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට ඒ පිළිබඳව කතා කිරීමේ පූර්ණ නිදහස සහ ආශිර්වාදය අප ලබා දී ඇත.

ඒ බව එම මන්ත්‍රීවරු පවා සාක්ෂි දරන අතර එම ප්‍රහාරයෙන් වින්දිතයින් වූ සියලු දෙනාගේ නාමයෙන් ඔවුන්ට සාධාරණය ඉටුවිය යුතුය.

අපි සියලු දෙනා ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව අරගල කරමු.

නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම වැනි අයිතීන්  පිළිබඳව ද නිදහසක් සමගි ජනබලවේගය  පූර්ණ වශයෙන්ම ලබාදී ඇති අතර පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව පූර්වාදර්ශ ලබාගත හැකි මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතක් සමගි ජනබලවේගය තුළ වෙයි.

කෙසේ වෙතත්,

උදාර පරමාර්ථයන් සාක්ශාත් කරගැනීම උදෙසා අප යන ගමනේදී ඊට අකුල් හෙලන යමෙක් වෙත්නම් ඒ තුළින් ගම්‍ය වන්නේ එවැන්නන් තුළ ඇති දුෂ්ඨ අපේක්ෂාවන් සහ කුමන්ත්‍රණකාරී බලාපොරොත්තු ය.

එකී දුෂ්ඨ පරමාර්ථ ඉටුකර ගැනීම වෙනුවෙන් පෞද්ගලික න්‍යාය පත්‍ර ඇති අයෙක් වෙත්නම් අපේ පිළිකුල ඔවුන්ට පළ කරමු. සිය ප්‍රාථමික අපේක්ෂාවන් වෙනුවෙන් කිසියම් පුද්ගල කණ්ඩායමක් කටයුතු කරනවා නම් අප ඊට එරෙහි අතර සමගි ජනබලවේගයේ සමස්ත මහජන නියෝජිතයින් ද එම තීන්දුවට එකගවනු ඇත.

මේ මොහොතේත් රට පුරා ජනතාව බලවත් පීඩාවකින් සිටින අතර ආණ්ඩුවේ අසාර්ථකත්වය මොහොතින් මොහොත උද්ගත වෙමින් තිබේ. මෙරට විකල්ප ආණ්ඩුව ලෙස සමගි ජනබලවේගය ඩීල් සහ පටු ලාබ අපේක්ෂා වෙනුවට මහජන සේවය උදෙසා නිරන්තරයෙන්ම කැපවෙන අතර එකී අපේක්ෂාවන්ට එරෙහිව යන පිරිස් කෙරෙහි අපි අනුකම්පා කරමු. පිළිකුල ප්‍රකාශ කරමු.

පිරිසිදු අරමුණු සහිතව අප යන ගමන මානසික උද්දච බවින් පිරුණු අපරිණත අවස්ථාවාදීන්ට ආපසු හැරවිය නොහැකි අතර බොරුව සහ මුලාව ජනගත කිරීමත්, වොයිස්කට් දේශපාලනයත්  ඔවුන්ගේ ප්‍රමුඛ සිහිනය වන අතර අපට ඇත්තේ ජනතාව සමග් අත් නොහරින වගකීම් සහගත සමාජ පරිවර්තනයකි.

එබැවින් පාස්කු ප්‍රහාරය සම්බන්ධ කරුණු අරභයා සත්‍ය හෙළිදරව් වනතුරු අප අරගල කරමු.

සමගි ජනබලවේගයේ මාධ්‍ය අංශය 

SendShareShare
Previous Post

හේමසිරි-පූජිත් බිල්ලට දීලා අනෙක් සියලු දෙනා බේරන්න හදන අරුම පුදුම පාස්කු පරීක්ෂණය!

Next Post

භාතියටත් කොරෝනා!

MORE NEWS

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

Load More
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.