හෙලිකොප්ටරය නියෝජනය කරන නිදහස් ජනතා සන්ධානය තුළද මේ වන විට බරපතළ දේශපාලන ගැටුමක් නිර්මාණය වී ඇති බවක් රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
ඒ, විමල් පිල හා ඩලස් පිල අතර නිර්මාණය වී ඇති මතගැටුමක් හේතුවෙනි.
පසුගිය දින කිහිපය පුරාම ප්‍රතිපත්තිමය කාරණා උඩ විමල් පිල හා ඩලස් පිල අතර පක්ෂය ඇතුළේ පැවැති සාකච්ඡාවලදී බරපතළ වාද විවාද මතුව තිබිණි.
ඊට ජාතිකවාදී දේශපාලන ධාරාව නියෝජනය කරන ගෙවිඳු කුමාරතුංගද සම්බන්ධ වී සිටියේය.
විමල්, ගෙවිඳු ඇතුළු කණ්ඩායම දැඩි ජාතිකවාදී ප්‍රතිපත්තියක හිඳිමින් පක්ෂය ඇතුළේ අදහස් දක්වා තිබුණද, ඩලස් ඇතුළු කණ්ඩායම සිටින්නේ මැද මාවතකය.
ඒ උඩ පැවැති වාද විවාදවලදී තත්ත්වය කෙතරම් දුරදිග ගියාද කියනවා නම්, ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචි වී ඇති ආකාරයට විමල්, ගෙවිඳු ඇතුළු කණ්ඩායම හෙලිකොප්ටරයෙන් වෙන්ව යන තරමට එය බරපතළ වී ඇති බවක් දැනගන්නට ඇත.
විමල්ලා සහ රාජපක්ෂවරුන් අතර නැවත වතාවක් අලුත් සාකච්ඡා වටයක් ආරම්භ වී ඇත්තේද මෙම පසුබිම මැදය.
එමෙන්ම මෙම තත්ත්වය යටතේ විමල්ලා යළිත් මහින්ද ළඟට යෑමට ඇති ඉඩකඩද බොහෝය.
එසේ වුවහොත් හෙලිකොප්ටරය නියෝජනය කරන ඩලස්, ජී.එල්. ඇතුළු කණ්ඩායමක් ස්වාධීනව සිටිනු ඇති අතර තවත් කණ්ඩායමක් පොහොට්ටුව සමග යළි සන්ධානගත වනු ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.