මීගමුව මුහුදු තීරයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 126.78ක් සහ හෂීස් කිලෝ 88.12ක විශාල ප්‍රමාණයක් සමග බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව, මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ මීගමු කොට්ඨාස පොලිසිය එක්ව කළ ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට ඇත.
එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 60කට අධික බව පැවසේ.
පාකිස්ථානයේ සිට රැගෙන විත් ඇති මෙම කුඩු තොගය ජාත්‍යන්තර මුහුදු සීමාවේදී මෙම පිරිසට අයත් බෝට්ටුවක පටවා ඇති බව දැනගන්නට ඇත.
දැනට හෙළිවී ඇති තොරතුරුවලින් කියවෙන්නේ අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින ‘කොණ්ඩ රංජි’ නැමැත්තා විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවකි.
එසේම එම යාත්‍රාවේ සිටි සිව්දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.












