බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණීය මහතා විසින් සිදු කළ ඉල්ලීමකට අනුව ආරක්ෂක අමාත්‍යාංශය මගින් මෙරට බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්යය බළකාය යෙදවීමට තීන්දු කර ඇත.
එළඹෙන සතියේ සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මෙම තත්වය තුළ පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරින් බන්ධනාගාර පිටත ආරක්ෂාව සඳහා යොදවනු ලබන අතර නීති විරෝධි ක්‍රියා මැඩපැවැත්වීම ඇතුළු බන්ධානාගාරවලට ආරක්ෂාව සැපයීම මෙහි අරමුණය.
බන්ධනාගාරවල තාප්පවලට ඉහළින් නිතිවිරෝධි ද්‍රව්‍ය බන්ධනාගාර තුළට විසිකිරිමේ සිදුවීම් පසුගිය කාලවකවානුවේ බහුලව සිදුවිය.










