දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලන් මහතා වෙල්ලමුල්ලිවයික්කාල්හි ප්‍රභාකරන් මරා දැමූ ස්ථානයට ගොස් දිව්රුම් දෙන ආකාරය දැක්වෙන ජායාරූපයක් මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී ඇත.
ඊයේ (16) දින අප මේ පිළිබද විශේෂ පුවතක් පළ කරමින් කියා සිටියේ උතුරේ හිටපු මහඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතාද මෙම ස්ථානයට කලින්ම පැමිණ දිව්රුම් දී ඇති බවකි.
කෙසේවෙතත් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලන් මහතා සහ එම පක්ෂයෙන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයින්ගේ සහභාගීත්වයෙන් සිය තනතුරුවලට අදාළ සේවයන් ආරම්භ කිරීම මෙහිදී සිදු විය.
එහිදී යුද්ධයෙන් විපතට පත් වූ ජනතාව ඇතුලු නැවත පදිංචි ජනතාවගේ ගැටලු වෙනුවෙන් ප්‍රමුඛස්ථානය දෙමින් ඉදිරියේදී තම පක්ෂය කටයුතු කරන අතරම දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් හඩක් නැගීමටද කටයුතු කරන බවට දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජිතයින් විසින් ප්‍රතිඥා දෙනු ලැබීය.
මුල්ලිවයික්කාල්හිදී මියගිය වැසියන් වෙනුවෙන් පහන් දල්වා සෙත් ශාන්ති කිරීමක්ද සිදුවිය.
මේ සම්බන්ධයෙන් අප ඊයේ (16) පළ කළ පුවත මෙසේය.
ප්‍රභාකරන් මරා දැමූ තැනට විග්නේෂ්වරන්-ගජේන්ද්‍රන් යයි: දිවුරුමකුත් දෙයි
පාර්ලිමේන්තුවට අලුතින් තේරී පත්වූ උතුරේ හිටපු මහඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා සහ ගජේන්ද්‍රන් පොන්නම්බලම් යන මහත්වරුන් මුලතිව්හි වෙල්ලමුල්ලිවයික්කාල්හි එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් මරා දැමූ ස්ථානයට ගොස් ඇති බව වාර්තා වේ.
එසේ ගොස් එම ස්ථානයෙහි පිහිටුවා ඇති කුඩා ස්මාරකයක් ඉදිරියේ මේ දෙදෙනා වෙනම නිලනොවන දිව්රුමක් ලබා දී ඇති බව දැනගන්නට ඇත.
මේ දෙදෙනා වෙන වෙනම සිය පාක්ෂිකයන්ද සමග ගොස් මෙම නිල නොවන දිව්රුම සිදු කොට ඇති බවද දැනගන්නට තිබේ.
පාර්ලිමේන්තුව පළමු වරට රැස්වීමට නියමිතව ඇත්තේ ලබන 20 වැනි දිනය.










