හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ගේ මෑණියන් කාමලිකා ශ්‍රීයා කරුණානායක මහත්මිය පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී ඇත.
කලක් රෝගාතුරව සිටි ඇය මිය යන විට අසු දෙවනවියේ (82) පසුවූවාය.
හිටපු ජනාධිපති J .R. ජයවර්ධනගේ පාලන සමයේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකාරකවරිය ලෙස ඇය කටයුතු කර ඇත.
දේහය අද (18) දහවල් 01.00 සිට බොරැල්ලේ AF රේමන්ඩ් අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කිරීමට නියමිත අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් හෙට (19) සවස 4.30ට බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිත බව පවුලේ ආරංචිමාර්ග සඳහන් කරයි.










