වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුවක් අද (14) කොළඹදී පැවැති අතර ඊට වෘත්තීය සමිති රැසක් එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඉල්ලා අස්වන තෙක් අඛණ්ඩ වැඩ වර්ජන සහ හර්තාල් ව්‍යාපාර ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පවසයි.
ඉදිරි දින කිහිපයේදී රට පුරා ඇති රාජ්‍ය හා පෞද්ගලික අංශ වැඩබිම් තුළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීමට බලාපොරොත්තු වන බව ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනූප නන්දුල මහතා පැවසීය.
ගෝඨාභය රාජපක්‍ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ඉල්ලා අස්විය යුතු බවට ජනතාව අඛණ්ඩව කරමින් සිටින ඉල්ලීමට කන්දීමට ඔවුන් සූදානම් නැතිනම් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද ඔහු සඳහන් කළේය.










