මේ වන විට කොට්ටාව අන්තර් හුවමාරුවේ සේවකයින් 12 දෙනෙකුට, කඩුවෙල අන්තර් හුවමාරුවේ සේවකයින් සිව් දෙනෙකුට හා අතුරුගිරිය අන්තර් හුවමාරුවේ එක් සේවකයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අංශයේ වැඩබලන අධ්‍යක්ෂ මිහාල් ලොඩ්වික් මහතා වැඩිදුරටත් පැවසුවේය.
ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව, කඩුවෙල සහ අතුරුගිරිය යන අන්තර් හුවමාරුවල සේවකයින් ඉවත් කර තිබේ.
කෙසේවෙතත් එම අන්තර් හුවමාරු විවෘතව තැබෙන අතර ඒවායෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවන හෝ පිටවන රථ වාහන සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමක් සිදුනොවන බව මිහාල් ලොඩ්වික් මහතා පැවසුවේය.
ඒ අනුව අතුරුගිරිය, කොට්ටාව සහ කඩුවෙල යන අන්තර් හුවමාරුවලින් ඇතුළු වන රථ වාහනවලට පිටවන ස්ථානයේදී ගාස්තු ගෙවිමේ හැකියාව පවතී.










