ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) ද ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්දය දීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර් මහතා නිවේදනය කළේය.
අද සවස පැවැති මාධ්‍ය හමුවකදී රවුෆ් හකීම් මහතාද මේ බව තහවුරු කළේය.