නව සන්ධානයේ සලකුණ සම්බන්ධයෙන් මංගල සමරවීර මහතා හා මලික් සමරවික්‍රම යන මහත්වරුන් රවී කරුණානායක මහතාගේ නිවෙසේදී විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
අද (13) උදෑසන පැවැත්වී ඇති මෙම සාකච්ජාවේදී රවි කරුණානායක මහතා තමන් යටතේ ඇති ‘හංසයා’ ලකුණ නව සන්ධානයේ සලකුණ වශයෙන් ලබා දීමට එකගතාව පළ කොට ඇත.
නමුත් එහිදී එක් කොන්දේසියක් ඉදිරිපත් කොට ඇති කරුණානායක මහතා ඒ සදහා සන්ධානයේ මහලේකම් ධූරය කරු ජයසූරිය මහතා හට ලබා දිය යුතු බව සදහන් කර ඇත.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් මංගල සමරවීර මහතා හා මලික් සමරවික්‍රම යන මහත්වරුන් ඍජු පිළිතුරක් ලබා දී නොමැති බව ද දැනගන්නට තිබේ.










