• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හංවැල්ල ආපන ශාලා හිමිකරුට කඩේ ඇතුළටම ඇවිත් වෙඩි තිබ්බේ ඩුබායි පැනලා ඉන්න පාතාලයේ ‘චමියා සහ ලලිත්’? ‘බලපන් වෙලා තියෙන දේ!’ ඩුබායිවලින් සහෝදරයාට නාඳුනන ඇමතුමකුත් ඇවිත්! (VIDEO)

December 20, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
හංවැල්ල ආපන ශාලා හිමිකරුට කඩේ ඇතුළටම ඇවිත් වෙඩි තිබ්බේ ඩුබායි පැනලා ඉන්න පාතාලයේ ‘චමියා සහ ලලිත්’? ‘බලපන් වෙලා තියෙන දේ!’ ඩුබායිවලින් සහෝදරයාට නාඳුනන ඇමතුමකුත් ඇවිත්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

හංවැල්ලේ හරස් පාර ප්‍රදේශයේ ආපන ශාලාවකට පෙරේදා (18) රාත්‍රී කාලයේ කඩාවැදී එහි හිමිකරුට වෙඩි පිට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඩුබායි සිටින පාතාල කල්ලියක ප්‍රබලයකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව බව මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මොහොමඩ් ෆාර්ෂාන් (46) නමැති තිදරු පියෙක් වන ව්‍යාපාරිකයා සිය ආපන ශාලාව වසා අයකැමි කවුන්ටරයේ සිට දෛනික ගනු-දෙනු මුදල් පරීක්ෂා කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

හංවැල්ල හරස් පාරේ පිහිටි මෙම ආපන ශාලාව ඉදිරිපිට පෙරේදා රාත්‍රී 10.00ට පමණ යතුරුපැදියක් නතර කර ඇති බවත් එහි දෙදෙනෙක් සිට ඇති බවත් පොලිසිය කියයි. ආපන ශාලා සේවකයන් එම අවස්ථාවේදී රැඳී සිට ඇත්තේ ආපණශාලාව ඉදිරිපිටය. යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයන් යතුරුපැදියේම රැඳී සිටිමින් දුම්වැටි 04ක් එම ආපනශාලා සේවකයාගෙන් ඉල්ලා ඇත. ආපනශාලා සේවකයා අඩවල්කර තිබුණු දොරෙන් රිංගා ව්‍යාපාරිකයාගෙන් දුම්වැටි 04ක් රැගෙන ඔවුන් දෙදෙනා වෙත ගොස් දුම්වැටි දීමට පෙර මුදල් ඉල්ලා ඇති බව පොලිසිය කියයි. එහිදී ඔවුන් මුදල් නැතැයි පැවසීම හේතුවෙන් සේවකයා එම දුම්වැටි 04 රැගෙන නැවත ආපන ශාලාව තුළට ගොස් ව්‍යාපාරිකයා අතට එම දුම්වැටි 04 දෙන අවස්ථාවේදී යතුරුපැදියේ පිටුපස අසුන්ගෙන සිටි පුද්ගලයා එකවරම ආපන ශාලාවට කඩාවැදී අයකැමි කවුන්ටරයේ රැඳී සිටි ව්‍යාපාරිකයා දෙසට වෙඩි හතරක් තබා ඇති බව පොලිසිය කියයි.

මෙම සිදුවීම ආපණ ශාලාවේ ඇති ආරක්ෂක කැමරාවේ පැහැදිලිවම සටහන්ව තිබී ඇත. හෙල්මටයක් සහ මුව ආවරණයක් පැලඳ සිටීම හේතුවෙන් වෙඩික්කරු පැහැදිලිවම හඳුනා ගැනීමට නොහැකි බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

පපු ප්‍රදේශයට වෙඩි වැදුණු ආපන ශාලා හිමිකරු වෙළෙඳසල් සේවකයන් විසින් පාදුක්ක රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් ඔහු මිය ගොසිනි.

වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ හංවැල්ලේ පාතාල බලය ඇල්ලීමට උත්සාහයක් දරමින් සිටින ඩුබායි හි රැඳී සිටින චමියා සහ ලලිත් නමැති පාතාල අපරාධකරුවන් දෙදෙනාගේ ගෝලයන් විසින් බවට මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විශේෂ පොලිස් කණ්ඩායමකට තොරතුරු ලැබී ඇත. හංවැල්ලේ වෙළෙඳ ව්‍යාපාරික ආයතනවලින් කප්පම් ගැනීමට පාතාල අපරාධකරුවන්ට දැන් ඉඩක් නොමැති බැවින් සහ එම පාතාලයේ ප්‍රබලයන් දෙදෙනාගේ ප්‍රධාන ගෝලයන් දෙදෙනෙක් මෙම ව්‍යාපාරිකයා විසින් පොලිසියට අල්ලා දීම මෙම වෙඩි තැබීමට මුල්වී ඇති බවට විමර්ශන කණ්ඩායම් වෙත තොරතුරු ලැබී තිබේ.

මෙම ව්‍යාපාරිකයාගේ නිවස මාස එකහමාරකට පමණ පෙර සොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවත් නිවසට ඇතුළුවී සිටි සොරුන් දෙදෙනකුව මෙම ව්‍යාපාරිකයා ඇතුළු පවුලේ සාමාජිකයන් විසින් පහරදී අල්ලාගෙන ඇති බව කියයි. පොලිසියට මේ ගැන දැනුම් දී ඔවුන්ව රැගෙන යාමට එම නිවසට පොලිසිය එන විට එම සොරුන් දෙදෙනා පලා ගොස් සිට ඇති බවත් පසුව විමර්ශන පවත්වා අත්අඩංගුවට ගත් එම සොරුන් දෙදෙනා සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේ බවත් පොලිසිය කියයි.

එම සිදුවීමෙන් පසු ඩුබායිහි රැඳී සිටින පාතාලයේ ප්‍රබලයන් දෙදෙනාගේ බලය ගිලිහීයාම නිසාත් ව්‍යාපාරිකයන්ගෙන් ඔවුන්ට කප්පම් නොලැබීම නිසාත් මෙම ඝාතනය ඔවුන් විසින් සැලසුම් සහගතව කර ඇති බවට තොරතුරු ලැබෙමින් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ව්‍යාපාරිකයාට වෙඩි තැබීමෙන් පසු “බලපන් වෙලා තියෙන දේ“ යැයි කියා යම් පුද්ගලයෙක් විසින් ඝාතනය වූ ව්‍යාපාරිකයාගේ සහෝදරයාට දුරකතන ඇමතුමක් දී පවසා ඇති බවත් එම ඇමතුම ඔස්සේ ද විමර්ශන ක්‍රියාත්මක බවත් එම නිලධාරියා කීය.

ව්‍යාරිකයාට වෙඩිතැබීමෙන් පසු වෙඩික්කරු රැගත් යතුරු පැදිය හයිලෙවල් මාර්ගයට පිවිස අවිස්සාවේල්ල දෙසට පළාගොස් ඇති බව පොලිසිය කියයි.

ආරක්ෂක කැමරා දත්ත පරීක්ෂාකරමින් යතුරු පැදිය පලාගිය මඟ පරීක්ෂා කිරීමේදී එම යතුරුපැදිය හංවැල්ලේ දසවේල්ල ප්‍රදේශයේ අතහැර ගොස් තිබියදී සොයාගෙන තිබේ. එහි අංක තහඩුව පැහැදිලි නැති බවත් එන්ජින් අංකය සූරා තිබෙන බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය.

ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු ඔහුගේ සහෝදරයකුට ලැබුණු ඇමතුම ඩුබායි සිට ලැබී ඇති බවද අනාවරණය වී තිබේ.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

ෂාෆ්ටර්ව මරලා තියෙන්නේ කිට්ටුවෙන්ම ආශ්‍රය කරපු සමීපතමයෙක්? ෂාෆ්ටර් ගෙදර ඉඳන් කෙළින්ම ඇවිත් තියෙන්නේ කනත්තටයි! මීට කලින් කිහිප වතාවක්ම මේ විදිහට කනත්තට ඇවිත් තියෙනවා! බිරියගෙනුත් පැය දෙකහමාරක ප්‍රකාශයක් ගනී!

Next Post

එදා ප්‍ර්‍රගීත් නැතිවුණාම රනිල් මට කතා කරලා කිව්වා අපි ප්‍රගීත්ව හොයාගමු කියලා! දැන් රනිල් ජනාධිපති! මම එයාගෙන් ඉල්ලනවා ප්‍රගීත්ට වුණු දේ හොයන්න කියලා! බිරිඳ සන්ධ්‍යාගේ හැඟීම්බර ඉල්ලීම! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.