මොරටුව සොයිසාපුර හෝටලයකට කඩා වැදී වෙඩි තැබීම සම්බන්ධයෙන් සැක පිට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු ලෙස සැලකෙන ජනිත් හෂාන් විමලවීර නොහොත් ‘කොණ්ඩ ජනිත්’ අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකාය සමත්ව ඇත.
මෙම අත්අඩංගුවට ගත් සැකකරු 2018.05.24 වන දින දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී රන්ජන් සිල්වා මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වන අතර, ඔහු දැනට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර සිටින පුද්ගලයෙකු වන බව පොලීසිය පවසයි.
රන්ජන් සිල්වා යනු ක්‍රිකටි ක්‍රීඩක ධනංජය ද සිල්වා ගේ පියාය.