සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා කොළඹ ජාතික රෝහලේ මුල්‍ය අංශයේ කාර්යාලයක තිබුණු ලක්ෂ 70ක මුදල් පැහැරගෙන පළා ගිය පුද්ගලයෙකු කුරුඳුවත්ත ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික රෝහලේ මුල්‍ය අංශයේ වෛද්‍යවරුන්ගේ අතිකාල දීමනා ගෙවීම් සිදුකරනු ලබන කාර්යාලය වෙත පැමිණ ඇති එම සැකකරු කාර්යාලයේ සිටි සේවකයෙකුගේ හිසට සෙල්ලම් ගිනි අවියක් එල්ල කොට බලහත්කාරයෙන් මුදල් දමා තිබු සේප්පුව විවෘත කොට එහි තිබු මුදල් අඩංගු මල්ලද රැගෙන පළා ගොස් ඇත.
පසුව මෙම සැකකරු කුරුඳුවත්ත ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.










