බැසිල් රාජපක්ෂ මහතා සූර සරදියෙල් වැනි චරිතයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර පවසයි.
අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඇති පුද්ගලයින්ගෙන් ලබා ගෙන නැති බැරි ජනතාවට සහනයක් වීම සරදියල් ගේ සිරිත බවයි.
ඉතිහාසයේ සඳහන් පරිදි සූර සරදියල් බලහත්කාරයෙන් සිදු කළ දේ වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නීත්‍යනුකුලව සිදු කරමින් සිටින බවද ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.










