වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාව පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත මාරුකර තිබේ.
ඒ බදුල්ල ප්‍රදේශයේ 41 හැවිරිදි කාන්තාවක් පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකටයුතු ලෙස මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙනි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර පොලිස් පරික්ෂවරයෙක්, සැරයන්වරුන් දෙදෙනෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩතහනම් කර තිබුණි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙක්ට මාරුවීම් ද ලබාදීමට පියවර ගැනුණි.
මියගිය කාන්තාවගේ ඥාතීන් චෝදනා කරන්නේ පහරදීමක් හේතුවෙන් අදාළ කාන්තාව මියගොස් ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.










