කොරෝනා එන්නත මෙරටට ගෙන්වීමට පෞද්ගලික රෝහල්වලට අවසර දී නොමැති බව කොවිඩ් 19 වැළැක්වීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කළාය.
එහෙත් පෞද්ගලික රෝහල්වල සේවක සේවිකාවන්ට කොවිඩ් 19 එන්නත ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ඉල්ලා පෞද්ගලික රෝහල්වල බලධාරීන් ගණනාවක් ඉල්ලීම් කර ඇති බවද ඇය සඳහන් කළාය.
එම කාර්ය මණ්ඩල මහජන සෞඛ්‍ය සේවයේ යෙදී සිටින නිසා රජයේ සෞඛ්‍ය අංශවලට ලබා දීමෙන් පසු එන්නත ඔවුන්ටද ලබා දීම සඳහා ක්‍රමවේදයක් සකසන බවද ඇමැතිවරිය වැඩිදුරටත් කියා සිටියාය.
දැනට ගෙන්වා ඇති කොවිඩ් එන්නත අවසන් වීමට පෙර අවශ්‍යතා මත හිඟයක් නොවන අයුරින් මිලදී ගැනීමට පියවර ගෙන ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.










