• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සීසීකඩ වෙලා හිටපු රාජපක්ෂ පවුල යළි එකතු කළ රාජපක්ෂ නංගියි මස්සිනායි! පළමු ඩිනර් එකට මහින්දයි-ශිරන්තියි-නාමලුයි නෑ! දෙවැනි එකට ‌ගෝඨා නෑ! මහින්දට අගමැති වෙන්න ලැබුණු ජ්‍යොතිෂ උපදෙස ගැනත් කතාබහක්!

March 12, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
සීසීකඩ වෙලා හිටපු රාජපක්ෂ පවුල යළි එකතු කළ රාජපක්ෂ නංගියි මස්සිනායි! පළමු ඩිනර් එකට මහින්දයි-ශිරන්තියි-නාමලුයි නෑ! දෙවැනි එකට ‌ගෝඨා නෑ! මහින්දට අගමැති වෙන්න ලැබුණු ජ්‍යොතිෂ උපදෙස ගැනත් කතාබහක්!
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදීම අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රාජපක්ෂ පවුල ඇතුළේ මතුව ඇති බරපතළ දේශපාලන අර්බුදය පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය හැරදමා රටින් පලා යෑමත් සමග රාජපක්ෂ පවුල ඇතුළේ පැවැති මතභේද විශාල වශයෙන් එළියට පැමිණි බවකි. විශේෂයෙන්ම රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨයා වන චමල් රාජපක්ෂ මහතා සිය පුත්‍රයා වූ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සමග ආණ්ඩුව ඇතුළේ සිටිමින් වෙනම ගමනක් ආරම්භ කළ ආකාරයත්, බැසිල්, මහින්ද ඇතුළු කණ්ඩායමට ප්‍රසිද්ධියේ බැණවැදී තිබුණු ආකාරයත්, රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සමග වැඩි ඇයිහොඳයියක් නොපැවැත්වූ ආකාරයත් අප මෙම තීරය ඔස්සේ වාර්තා කොට සිටියෙමු.

ඔක්කොම එක මේසෙට ගේන මෙහෙයුමක්!

කෙසේ වෙතත් හිටි හැටියේම පසුගිය සතියේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් බොහෝ දෙනකු එක මේසයක එක්ව සිටින ආකාරයේ ඡායාරූපයක් මාධ්‍යවල පළවිය. රාජපක්ෂ පවුල අතර බරපතළ දේශපාලන මතගැටුම් පවතින බවට රට ඇතුළේ මතයක් තිබීම නිසා මෙසේ රාජපක්ෂ පවුල නැවත එක්ව සිටීම දැක්වෙන ඡායාරූපය පළවූ සැණින් බොහෝ දෙනා සොයා බලන්නට වූයේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් යළි එකතු වී අලුත් දේශපාලන ගමනක් ආරම්භ කොට ඇති දැයි කියාය. මාධ්‍ය හරහා එම ඡායාරූපයට විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබීම හේතුවෙන් මේ පිළිබඳ ‘රාජ්‍ය රහස්’ තීරයද මෙසේ රාජපක්ෂවරුන් එක මේසයකට එකතු වීම පිළිබඳ ඇති තිරය පිටුපස කතාව සොයා බැලීමට පියවර ගත්තෙමු.

පිටිපස්සේ හිටියේ නංගියි මස්සිනායි!

එහිදී අපට දැනගන්නට ලැබුණේ සීසීකඩ ගොස් සිටි රාජපක්ෂ පවුල මෙසේ යළි එකමුතු කිරීමට පියවර ගෙන ඇත්තේ විදෙස්ගතව සිට පසුගියදා ලංකාවට පැමිණි රාජපක්ෂ පවුලේ එක් නැගනියක සහ ඇය විවාහ වී සිටින සැමියා විසින් බවය. මෙය ඔවුන් හඳුන්වා දී තිබුණේ Reunion of Rajapaksha family යන නමිනි. ඒ සඳහා රාජපක්ෂ පවුලේ සියලු දෙනාට ආරාධනා කරමින් ඔවුන්ගේ කොළඹ පෞද්ගලික නිවෙසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධාන කිරීමට ඔවුන් පියවර කොට තිබිණි. ඒ සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම බිරිඳටත්, මහින්ද රාජපක්ෂ පවුලේ සියලු දෙනාටත්, බැසිල් සහ චමල්ගේ පවුලේ සියල්ලටමත් ආරාධනා කිරීමට ඇය පියවර ගෙන තිබිණි.

අන්තිම මොහොතේ වැඩේ බකල් වෙයි! මහින්ද-ශිරන්ති-නාමල් තංගල්ලේ යයි!

කෙසේ වෙතත් මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා සියල්ලන්ගේම එකඟතාව පළවුණත් අවසන් මොහොතේදී එය කඩාකප්පල් වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ, හදිසියේම මහින්දත්, ශිරන්තිත්, නාමලුත් තංගල්ලේ පිහිටි මහගෙදර බලා පිටත්ව යෑම නිසාය. මෙය අහඹු සිදුවීමක් ලෙස පෙනෙන්නට තිබුණත්, දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගොස් තිබූ විවිධ කටකතාවලින් නම් කියැවුණේ ශිරන්තිගේ සහ නාමල්ගේ බලවත් ඉල්ලීම මත මහින්ද මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි නොවී තංගල්ල බලා පිටත්ව ගියා යැයි කියාය. ඒ අනුව රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වුණේ මහින්දත්, ශිරන්තිත්, නාමලුත් නොමැතිවය. කෙසේ වෙතත් එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිය වන අයෝමා රාජපක්ෂ මහත්මිය රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වී සිටීමය.

ආයෙමත් ඩිනර් එකක් ලෑස්ති කරයි!

මේ ආකාරයට රාජපක්ෂ පවුල යළි එකමුතු කරන මෙහෙයුමේ පළමු උත්සාහය කඩාකප්පල් වී ගියත්, රාජපක්ෂ පවුලේ නැගණිය සහ ඇගේ ස්වාමිපුරුෂයා එම උත්සාහය අත්හැරියේ නැත. ඒ අනුව මහින්ද, ශිරන්ති සහ නාමල් තංගල්ලේ සිට යළි කොළඹ බලා පැමිණීමෙන් අනතුරුව නැවත වතාවක් ඇය විසින් සිය නිවෙසේ රාජපක්ෂ පවුල වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට සැලසුම් කළාය. කලින් වතාවේ මෙන් ඊටද සියලු රාජපක්ෂවරුන්ට ආරාධනා කිරීමටද ඇය පියවර ගත්තාය. එහි ප්‍රතිඵලයක් වූයේ කලකට පසුව රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨයන් සියලු දෙනාම යළිත් එක මේසයකට එක්ව භෝජන සංග්‍රහයක් භුක්ති විඳීමට අවස්ථාව සැලසීමය. ඊට මහින්ද, චමල්, බැසිල්, නාමල්, ශෂීන්ද්‍ර එක්ව සිටි අතර, මේසයේ නොසිටියේ ගෝඨාත්, අයෝමාත් පමණි. කෙසේ වෙතත් මෙහිදීද රාජපක්ෂ පවුල ඇතුළේ ගෝඨාභයට ඇති විරෝධය එළියට පැන්නේ භෝජන සංග්‍රහය අතරතුරදීද රාජපක්ෂපවුලේ ඇතැමුන් විසින් ගෝඨා ගෙන ගිය ක්‍රියාකලාපය දැඩිව විවේචනයට ලක්කිරීමට පියවර ගෙන තිබීම නිසාය.

මහින්දගේ අගමැති සටන ලෑස්තියි! අපි කලින්ම කිව්වා!

කෙසේ වෙතත් මීට සති තුනකට ඉහතදී අප මෙම තීරය ඔස්සේ මහින්දව යළි අගමැති කිරීම සඳහා පොහොට්ටුව ඇතුළේ දියත් කර ඇති මෙහෙයුමක් පිළිබඳ තොරතුරු අනාවරණ කර සිටියෙමු. පහත දැක්වෙන්නේ ඒ පිළිබඳ අප තැබූ සටහනය.

‘පොහොට්ටුව මේ දිනවල තවත් දේශපාලන මෙහෙයුමක් දියත් කර ඇති බවක් ආරංචිය. ඒ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා නැවත අගමැති තනතුරට පත්කිරීමේ මෙහෙයුමය. ඊට හේතු වී ඇත්තේ ජනාධිපති ධුරය හෝ අගමැති ධුරය නොමැතිව මොන යම් හෝ මැතිවරණයකට ගියහොත් පොහොට්ටුවට ඉතා භයානක ඉරණමක් අත්වනු ඇති බව පක්ෂයේ ප්‍රධානීන් හට අවබෝධ වී තිබීමය. එම තත්ත්වය යම් තරමකින් හෝ සමනය කරගැනීමට නම් ආණ්ඩුවේ ඉහළ තනතුරක් පොහොට්ටුව වෙත ලබාගත යුතු බව බැසිල් ඇතුළු පිරිසේ මතය වී ඇත.

නමුත් මේ සඳහා ප්‍රධාන බාධකය වී ඇත්තේ වන කවුරුවත් නොව වත්මන් අගමැතිවරයා ලෙස කටයුතු කරන දිනේෂ් ගුණවර්ධනය. දිනේෂ් ආණ්ඩුවේ සිටින ජ්‍යෙෂ්ඨයකු වන බැවින් එක්වරම මෙවැනි යෝජනාවක් ඔහුට ඉදිරිපත් කළ නොහැකි නමුත් පසුගිය සතිය වන විට රාජපක්ෂ පවුල ඇතුළෙන් ඔහුට මෙම පණිවුඩය නොනිල ලෙස ලබාදීමට කටයුතු කෙරිණි. එහිදී කියැවුණේ මහින්දට තවත් එක් අවස්ථාවක් පමණක් අගමැති ධුරයේ කටයුතු කිරීමට අවස්ථාව ලබාදීමට කටයුතු කළයුතු යැයි කියාය.

පළමු අවස්ථාවේදී දිනේෂ්ගෙන් නිහඬ ප්‍රතිචාරයක් ලැබී තිබුණු බැවින් රාජපක්ෂ පවුලේ කිහිප දෙනකුම යළිත් එම පණිවුඩය දිනේෂ් වෙත නොනිල ලෙස දැනුම් දී ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. නමුත් දිනේෂ් මේ වන තෙක්ම ඊට ‘හා’ හෝ ‘බෑ’ කියා හෝ නොමැති බවක්ද දැනගන්නට ඇත. නමුත් රාජපක්ෂ පවුල තවමත් එම මෙහෙයුම අතහැර නැති බවද වාර්තා වේ.’

අගමැති සටන යළිත්!

අප සඳහන් කළ මෙම කාරණයද එදින රාත්‍රී භෝජන සංග්‍රහයේදී නැවත වතාවක් සාකච්ඡා වී ඇති ආකාරයක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එම තොරතුර රාජ්‍ය රහස් තීරය ඔස්සේ වාර්තා කරන අවස්ථාවේදී දිනේෂ් ඊට ප්‍රතිචාර දක්වා නොතිබුණත් පසුව දිනේෂ් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ අගමැති ධුරයේ වෙනසක් සිදු නොවනු ඇති බවකි. ඒ සම්බන්ධයෙන්ද මෙහිදී රාජපක්ෂ පවුල ඇතුළේ තොරතුරු සාකච්ඡා වූ බවක් දැනගන්නට ඇත. ඒ අනුව රාජපක්ෂ පවුල නැවත ඒකරාශි කිරීමේ මෙහෙයුම හරහා මහින්දව යළි අගමැති කිරීමේ මෙහෙයුමද එළියට පැමිණ තිබූ බවක් දැකගැනීමට හැකි විය.

බැසිල් අලුත් ගේමක!

මෙවැනි පසුබිමක් යටතේ පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වන බැසිල් රාජපක්ෂ මහතාද සිය දේශපාලන සැලසුම තරමක වෙනසකට ලක්කර ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඊට හේතු වී ඇත්තේ ජනාධිපතිවරයා සමීපයේ සිටින පොහොට්ටුවේ මැති ඇමැතිවරු කණ්ඩායමක් විසින් පොහොට්ටුව දියකර හැරීම සඳහා දේශපාලන මෙහෙයුමක් දියත් කොට ඇති බවට බැසිල් වෙත තොරතුරු ලැබී තිබීමය. මේ තත්ත්වය යටතේ දේශපාලන උපක්‍රමයක් ලෙස බැසිල් තීන්දු කොට ඇත්තේ ටික කාලයක් යන තෙක් නිහඬව හිස පහත් කොට ගෙන වැඩකටයුතු කරගෙන යෑමටය. බැසිල්ගේ ගණන් බැලීම වී ඇත්තේ ආණ්ඩුව ඇතුළේ ගේමක් ගැසීමට නම් මුලින්ම රාජපක්ෂවරුන් ශක්තිමත් වී කෙළින් කටින් සිටගෙන සිටිය යුතු යැයි කියාය.

ජ්‍යොතිෂ උපදෙසුත් ලැබිලා!

මීට අමතරව රාජපක්ෂවරුන් යනු දැඩිව ජ්‍යොතිෂය විශ්වාස කරන දේශපාලන පවුලකි. දිනුවා හෝ පැරැදුණා හෝ ඕනෑම දේශපාලන කටයුත්තක් සිදුකිරීමට පෙර ජ්‍යොතිෂයට අනුව කටයුතු කිරීම රාජපක්ෂවරුන්ගේ සිරිතය. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ලබන මැයි වන විට රාජපක්ෂවරුන්ට යළි බලය ඇල්ලීමේ අවස්ථාවක් මතුවන බවට ජ්‍යොතිෂවේදීන්ගෙන් උපදෙස් ලැබී ඇති බවකි. එතෙක් නිහඬව සිටිය යුතු බව රාජපක්ෂවරුන්ගේ අදහස වී ඇති අතර, අප්‍රේල් අගභාගය වන විට යළි දේශපාලන කටයුතු සක්‍රීය ලෙස ආරම්භ කිරීම එම පවුලේ සැලසුම වී තිබේ.
මීට අමතරව මැයි මාසයෙන් පසු කෙටි කාලයකට හෝ මහින්දට යළිත් අගමැති පුටුවේ වාඩිවිය හැකි බවට වූ අනාවැකියක්ද ජ්‍යොතිෂවේදීන් විසින් රාජපක්ෂ පවුල වෙත දැනුම් දී ඇති බවක්ද ආරංචිය. රාජපක්ෂ පවුලේ නැගණියගේ නිවෙසේ හදිසියේම රාත්‍රි භෝජන සංග්‍රහයක් සූදානම් කොට රාජපක්ෂ පවුල යළි එකමුතු කිරීමේ මෙහෙයුමක් දියත් වී ඇත්තේද මෙම ජ්‍යොතිෂ උපදෙස්වලට සමගාමීව වීම විශේෂ සිදුවීමකි.

රාජ්‍ය රහස්

සම්පූර්ණයෙන් බලන්න මෙතැනින් පිවිසෙන්න!

චීනය එවපු අලුත් ලියුමෙන් අලුත් අවුලක්! දාපු අලුත් කොන්දේසිය! ණය සාකච්ඡාවලදී ගේන්න යන තර්කය! ඝානාවටයි සැම්බියාවටයි වෙච්ච දේම ලංකාවටත් වෙයිද? රාජ්‍ය රහස් EXCLUSIVE
SendShareShare
Previous Post

PTA වෙනුවට CTA…! අලුත් ත්‍රස්ත පනත ලෑස්තියි! කැබිනට් අනුමැතියත් ලැබිලා! ගැසට් කරන්න සියල්ල සූදානම්!

Next Post

බිත්තර ‌පරක්කු මොකද කියලා බලන්න වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ඉන්දියාවට ගිහින්!

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.