නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධර්මලින්ගම් සිද්ධාර්ථන් සහ ටෙලෝ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් යන මහත්වරු අද (04) අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා හමුවූහ.
අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා කළ දැනුම්දීමට අනුව කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම හමුව පැවැත්වී ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් ටෙලෝ සංවිධානය නියෝජනය කළ එම්.කේ. සිවාජිලිංගම් මහතා මේ වනවිට පක්ෂයෙන් ඉවත් කර ඇති නිසා ඊට සහභාගී වී සිටියේ නැත.
දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධානතම පාර්ශවය වන ඉලංගයි තමිල් අරසුකච්චි සහයෝගය ඉදිරි ජනාධිපතිවරණයේදි සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදිමට ඊයේ (03) තීරණය කළ අතර ටෙලෝ සහ ප්ලොට් සංවිධානවල සහායද ඉදිරි දින කිහිපය ඇතුළත සජිත් පේ‍්‍රමදාස මහතාට හිමිවනු ඇති බව දැනගන්නට ඇත.