ජනාධිපතිවරණයට පෙර දින, එනම් 15 වැනි සිකුරාදා දින රජයේ සියලුම පාසල්වලට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
ජනාධිපතිවරණ රාජකාරිි සදහා රජයේ බොහෝ පාසල් යොදාගන්නා බැවින් මැතිවරණ ලේකම් කාර්යාලය කරන ලද ඉල්ලීමකට අනුව අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන තිබේ.