අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,699ක් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එය මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් ගණන වේ.
එමෙන්ම පිට පිට පස්වන දිනටත් 1000 ඉක්මවා රෝගීන් වාර්තා වීමද විශේෂ සිදුවීමකි.










