ලංකා අයි.ඕ.සී. ඉන්ධන මිල ගණන් ද අද (ඔක්. 1) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කරන බව එහි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මේ බව පැවසීය.
ඒ අනුව, ලංකා අයි.ඕ.සී සමාගම ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 410ක් දක්වා පහළ යනු ඇත.
එමෙන් ම, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීරටයක මිල රුපියල් 30කින් පහළ දමා තිබේ. ඒ අනුව එහි නව මිල රු. 510ක් දක්වා පහළ යනු ඇත.
සෙසු ඉන්ධන මිල ගණන් වෙනස් නොවන බව ඔහු වැඩිදුරට ත් පැවසීය.










