• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිංහලෙන්-දෙමළෙන්-ඉංග්‍රීසියෙන් කතා කර මුළු රටම එක රැයින් වශී කරගත් කව්ද මේ රාසමාණික්කම්

December 15, 2020
in Exclusive
Reading Time: 5 mins read
A A
සිංහලෙන්-දෙමළෙන්-ඉංග්‍රීසියෙන් කතා කර මුළු රටම එක රැයින් වශී කරගත් කව්ද මේ රාසමාණික්කම්
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවට පාර්ලිමේන්තු ක්‍රමය හඳුන්වාදුන්දා සිටම දෙමළ ජාතිකයන්ද පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත. එදා සිට අද දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළ දෙමළ මන්ත්‍රීවරුන් ගණන අති විශාලය. එලෙස පත් වූ මන්ත්‍රීවරුන් බොහෝදෙනා පාර්ලිමේන්තුවේදී කතා කරන්නේ ද්‍රවිඩ භාෂාවෙනි. නැතිනම් ඉංග්‍රීසි භාෂාවෙනි. නමුත් ඒ කිසිවකු චතුර ලෙස සිංහල භාෂාවෙන් කතා කරනවා අප අසා නැත. පාර්ලිමේන්තුවට පත්වූ ඇතැම් ද්‍රවිඩ මන්ත්‍රීවරුන් අතර සිංහල වචනයක් හෝ නොදන්නා මන්ත්‍රීවරුන්ද ඇත. සිංහල භාෂාව දැන සිටි මන්ත්‍රීවරුන්ද පාර්ලිමේන්තුවේදී සිංහල භාෂාවෙන් කතා කිරීමට කටයුතු කර නැත.
නමුත් ඒ ඉතිහාසය වෙනස් කරමින් සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන්ම චතුර ලෙස සභාව ඇමතීමට මෙවර පාර්ලිමේන්තුවට පළමු වරට තේරී පත්වූ ශානක්‍යා රාසමාණික්කම් මහතා කටයුතු කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන රාසමාණික්කම් මහතා මේ ආකාරයෙන් භාෂා ත්‍රිත්වයෙන්ම පාර්ලිමේන්තුව ඇමතීමට කටයුතු කළේ පසුගිය දින කිහිපයේදී පැවැති අයවැය විවාදය අතරතුරේදීය. අයවැය විවාදයට කිහිප වරක් සම්බන්ධ වූ නවක මන්ත්‍රීවරයා සිංහල භාෂාවෙන් අදහස් පළ කළේ මෙසේය.

“විදේශිකයන්ට අවශ්‍ය විදියට තීන්දු තීරණ ගත්ත යුගය අවසන් කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා මම දැක්කා. ඇත්තටම විදේශිකයන්ට අවශ්‍ය විදියට තීන්දු තීරණ ගන්නවද කියන එක නෙවෙයි මෙතැන තියෙන ප්‍රශ්නය. හැබැයි විදේශ රටවල් එකතු කරගෙන මේ ගමන ගියේ නැත්නම් අපිට මේ රටේ ආර්ථිකය කවදාවත් දියුණු කරන්න ලැබෙන්නේ නැහැ. අපි දූපතක් වුණාට මේකෙ ආර්ථිකය හදන්න නම් අනෙක් හැම රටක් එක්කම එකතු වෙලා වැඩ කරන්න ඕනෑ කාලයක් තමයි මේක. දැන් අපි ඉන්නේ ගල් යුගයේ නෙවෙයි. මම ගිය අවුරුද්දේ දඹානට ගියපු වෙලේ එතැන නටපු හැමෝටම රුපියල් 100 ගානේ ටිප් එකක් දුන්නා. අන්තිම වෙද්දි මගෙ ළඟ මාරු සල්ලි තිබුණේ නැතිව සල්ලි දෙන්න බැරිවෙද්දී, එතැන හිටපු වැද්දෙක් කිව්වා සර් රී ලෝඞ් එකක් දාන්න කියලා. ඒ හින්දා අපි දැන් ඉන්නේ ගල් යුගයේ නෙවෙයි.
ඇත්තටම මේ රටේ දෙමළ ජාතිකයන්ට තියෙන ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ගේන්න පුළුවන් නම් මේ රටට ආයෝජකයන් ගොඩක් ගේන්න පුළුවන්. මං දැක්කා චාමර සම්පත් මන්ත්‍රීතුමා කිව්වා 1983 කලබලය නිසා මේ රටේ හිටපු උගත් ව්‍යාපාරිකයන් සහ විද්වතුන් හුඟක් රටින් යන්න ගියා කියලා. මං ඒක කියපු එක ගැන මන්ත්‍රීතුමාට ස්තුති වෙනවා. අද ඇත්තටම එහෙම ගියපු විද්වතුන් සහ උගතුන් ලෝකයේ හුඟක් හොඳ තැන්වල ඉන්නවා. ඒ හින්දා අපි මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න ඕනෑ.
ඒ වගේම ජනාධිපතිතුමා කියලා තියෙනවා තමන් භික්ෂු මඩුල්ලකගේ උපදෙස් අනුවයි තීන්දු තීරණ ගන්නේ කියලා. ඒ වගේම උසස් තනතුරු සඳහා පත් කරන්නේ විශේෂඥ මඩුල්ලකගේ උපදෙස් අනුවයි කියලත් එතුමා කියලා තියෙනවා මම දැක්කා. මම එතුමාගෙන් අහන්න කැමැතියි පිල්ලෙයාන් මන්ත්‍රීතුමාට මඩකලපු දිස්තත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිත්වය දුන්නේ මේ විද්වත් කමිටුවෙන් අහලද කියලා. ඒක දුන්නේ භික්ෂු මඩුල්ලෙන් අහලද කියලා මම එතුමගෙන් අහන්න කැමතියි.

මේ රට කවදාහරි හොඳ තැනකට එනවා නම් ඒකට අවශ්‍ය සැලසුම් අපි ළඟ තියෙනවා. කාංචන විජේසේකර මන්ත්‍රීතුමාත් එක්ක අපි මඩකලපුවේදී එකතු වෙලා වැඩ කරනවා. හොඳ දේට අපි සහයෝගය දෙනවා. මේ රටට දේශපාලන විසඳමක් දුන්නේ නැති හින්දා තමයි ත්‍රස්තවාදය ඇති වුණේ. දේශපාලන විසඳුමක් දුන්නා නම් ත්‍රස්තවාදය ඇති වෙන්නේ නැහැ. 83දී මේ රටෙන් ගිය අයගේ ව්‍යාපාර මේ රටට ගේන්න ඕනෑ නම් ඒ අයට බයක් නැතිව මේ රටේ ජීවත් වෙන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරවන්න ඕනෑ. මං දැක්කා ජනාධිපතිතුමා කියලා තියෙනවා තමන් ලී ක්වාන් යූ වෙන්න කැමැතියි කියලා. දැන් මෙතැන ජනාධිපතිතුමා ෆේල්ද, පාස්ද කියන කතාවක් ගියා. ඒත් ඇත්තටම මං හිතන්නේ එතුමා තවම ෆේල් නැහැ. හැබැයි මේ යන විදියට ගියොත් නම් එතුමා ෆේල්. අද මඩකලපුවේ එක්තරා මන්ත්‍රී කෙනෙක් වැලි ෆර්මිට් 32ක් දීල තියෙනවා. මම මේ ගැන මහින්ද අමරවීර ඇමැතිතුමාව හම්බවෙලාම කිව්වා. එක පර්මිට් එකකින් ලක්ෂ පහක් අරගෙන තියෙනවා. කිලෝමීටර් 22ක ගඟක ඕනෑ තැනකින් ගන්න පුළුවන් විදියට තමයි මේක දීල තියෙන්නේ. වැලි ගේන එක ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් මේවා මඩකලපුවේ ජනතාවට අයත් දේවල්.

ජනාධිපතිතුමාගේ රැකියා වැඩපිළිවෙළ ගැන කතා කරනවා. දැනටම 35,000කට රැකියා දීල කියල එතුමා කියනවා. ඒ ගැන හරිම සතුටුයි. මඩකලපුවෙත් 250කට දීලා තියෙනවා. හැබැයි ඒ අයගෙන් රුපියල් ලක්ෂය ගානේ අරගෙන කියලයි කියන්නේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ අගමැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් කරුණා අම්මාන් තමයි එහෙම කියන්නේ. මේ වගේ දේවල් කරන අයත් එක්ක නම් ජනාධිපතිතුමාට ලී ක්වාන් යූ වෙන්න බැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට 2015දි මමත් වැඩ කළා. ඒ කාලෙත් මේ කල්ලිය ඉඳලා තමයි එතුමාව පැරැද්දුවේ. එහෙම අය ළඟ තියාගෙන විදේශිකයන්ගේ සල්ලි මේ රටට ගේන්න බැහැ. ඒවට අපි ළඟ අදහස් තියෙනවා. අපි කියන්නම්. ද්විත්ව පුරවැසියන්ගෙන් ගන්න ගාස්තුව අඩු කරන්න. ලංකාවෙන් පිට රට ගිය දෙමළ ජාතිකයෝ ලක්ෂ දහයක් විතර ඉන්නවා. දේශපාලන විසඳුමක් දුන්නොත් මේ ලක්ෂ දහයම ලංකාවේ පුරවැසිභාවය ගත්තොත් ඒ අයගේ ආයෝජන ඔක්කොම ලංකාවට එනවා.” මන්ත්‍රීවරයා අදහස් දැක්වූයේ එසේය.

වෙනදා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සභාව අමතන විට නිදි කිරා වැටෙමින් සිටින පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් සියලු දෙනාම ඉතාම සාවදානව රාසමාණික්කම් මහතාගේ කතාවට සවන් දී සිටින ආකාරයද දක්නට හැකි විය. පැහැදිලි සිංහල භාෂාවෙන් සභාව ඇමතීම හේතුවෙන් භාෂා පරිවර්තන උපකරණය පැලඳීමටද කිසිවකුට අවශ්‍යතාවයක් නොවීය. රාසමාණික්කම් මහතාගේ කතාව සමාජ මාධ්‍ය ඔස්සේද වේගයෙන් පැතිර ගිය අතර පක්ෂ විපක්ෂ භේදයකින් තොරව හැම දෙනාගේම අදහස වී තිබුණේ සිංහල ජනතාවට ඇමතිය හැකි දෙමළ දේශපාලනඥයෙක් බිහිවී ඇති බවය. වෙනදා ගල් මුල් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ වීඩියෝ දර්ශන වෙනුවට මෙවර රාසමාණික්කම් මහතාගේ වීඩියෝ දර්ශන ප්‍රචාරය වූයේ මල් සමඟින් වීමද විශේෂත්වයකි.
එතැන් පටන් බොහෝ දෙනකු උනන්දු වූයේ රාසමාණික්කම් යනු කවුරුන්දැයි යන්න සොයා බැලීම කෙරහිය. 1990 වසරේදී උපත ලැබූ රාසමාණික්කම් මහතා අධ්‍යාපනය ලබා ඇත්තේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙනි. ධනවත් පවුලකින් පැවැත එන ශානක්‍යා රාසමාණික්කම් මහතාගේ පියාගේ පියාද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඒ එස්. එම්. රාසමාණික්කම් මහතාය. ස්වාධීන අපේක්ෂකයකු ලෙස පළමු වරට 1947 මහ මැතිවරණයට තරග කර ඇති ඒ මහතා ඉන් පරාජය වී ඇති අතර පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත්තේ 1952 වසරේදීය. ඒ මඩකලපු දිස්ත්‍රික්කයේ පදිරිප්පු ආසනය සඳහාය. ඉන් පසු ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය නියෝජනය කරමින් 1956 මහ මැතිවරණයෙන් පරාජය වූ මහතා 1960 මැතිවරණය ජය ගනිමින් නැවත වරක් පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත. 1965දීද තම අසුන රැකගත් එස්. එම්. රාසමාණික්කම් මහතා අවසන් වරට මැතිවරණයක් සඳහා තරග කර ඇත්තේ 1970 වසරේදීය. නැඟෙනහිර පළාතෙන් බිහි වූ කීර්තිමත් ද්‍රවිඩ දේශපාලනඥයකු වන එස්. එම්. රාසමාණික්කම් මහතා ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ සභාපතිවරයා ලෙසින්ද කටයුතු කර ඇත.
පරපුරෙන් ලැබුණු උරුමය සමඟ දේශපාලනයට අවතීර්ණ වූ ශානක්‍යා රාසමාණික්කම් මහතාගේ දේශපාලන ගමනට ත්‍රිත්ව විද්‍යාලයෙන් ලැබූ සිංහල අධ්‍යාපනය ආශිර්වාදයක් වී ඇත. පසුගිය මැතිවරණයට දෙමළ ජාතික සන්ධානය යටතේ මඩකලපු දිස්ත්‍රික්කයට තරග කළ ශානක්‍යා රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ මනාප ඡන්ද 33,332ක් හිමි කර ගනිමිනි. කෙසේ නමුත් ඒ මහතා මැතිවරණයකට තරග කළ පළමු අවස්ථාව මෙය නොවේ. දෙමළ ජාතික සන්ධානයේ උරුමය සහිත පුද්ගලයකු වුවද රාසමාණික්කම් මහතාගේ දේශපාලන ආගමනය සිදුව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පදිරිප්පු ආසනයේ සංවිධායකවරයා ලෙස කලක් කටයුතු කළ ඒ මහතා ඒ සමයේදී නැඟෙනහිර පළාත් හිටපු මහ ඇමැති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා සමඟද සමීපව කටයුතු කර ඇත. 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ ඒ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් 2015 මහ මැතිවරණයටද තරග කළේය. නමුත් ඒ අවස්ථාවේ මේ තරුණ නායකයා තම නියෝජිතයා ලෙස තෝරා පත් කර ගැනීමට මඩකලපු ජනතාව සූදානම් වූයේ නැත.

සිංහල ජනතාවට පැහැදිලිව ආමන්ත්‍රණය කළ හැකි මෙවැනි නායකයෙකු දෙමළ සන්ධානය හරහා තේරී පත් වීම ඉතාම සුබවාදී කරුණක් බව දේශපාලන විචාරකයන්ගේ අදහස වී ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද වහාම රාසමාණික්කම් මහතා හමුවීමට තීරණය කළේ ඒ බව හොඳින් තේරුම්ගත් නිසාමය. ගෝඨාභය රාජපක්ෂ මහතා රාසමාණික්කම් මහතා පිළිබඳ දැන ගත්තේද රටම ඒ මහතා ගැන දැන ගත් අය වැය විවාදය අතරතුරේදී වීමද විශේෂත්වයකි.
භාෂා ත්‍රිත්වයම චතුර ආකාරයෙන් හසුරුවන දෙමළ ජාතික සන්ධානයේ මෙම තරුණ දේශපාලනඥයා සහ ජනාධිපතිවරයා අතර හමුවට අඩිතාලම සැකසුවේ කලක් නැඟෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ රෝහිත බෝගොල්ලාගම මහතාය. ඒ ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුවය. මෙම හමුවට අදාළ සියලු විස්තර සහ ඡායාරූප මීට සති කිහිපයකට පෙර මව්රට පුවත්පතේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ පළ විය. එම හමුවෙන් පසු රාසමාණික්කම් මහතා නැවත වරක් රාජපක්ෂවරුන්ට සහාය දැක්වීමේ සූදානමක් ඇති බවටත්, ජනාධිපතිවරයා එවැනි ඉල්ලීමක් කළ බවටත් විවිධ මත පළ වන්නට වූ නමුත් තමන්ට ඡන්දය භාවිතා කළ මඩකලපුවේ ජනතාව පාවා දෙන්නට ඒ මහතා සූදානම් බවක් පෙනෙන්නට නැත. එම හමුවෙන් පසුවද අයවැය විවාදයට සම්බන්ධ වූ ඒ මහතා සමාජ මාධ්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම් හේතුවෙන් සිරගතව ඇති මඩකලපුවේ තරුණයන් වෙනුවෙන් සිංහල භාෂාවෙන් තම හඬ අවදි කළේය. එහිදී ඒ මහතා විමසා සිටියේ ඒ ආකාරයෙන් තරුණ ජීවිත විනාශ වීමට ඉඩ හරින්නේ මන්දැයි කියාය.
මෙවර පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේදීම අත්දැකීම් බහුල ද්‍රවිඩ දේශපාලනඥයකු වන උතුරු පළාත් හිටපු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා සිදු කළ කතාව අපට මතකය. දෙමළ භාෂාවෙන් කළ එම කතාව හරහා සිදු වූයේ සිංහල ජනතාව අතර දෙමළ දේශපාලනඥයන් කෙරෙහි පවතින වෛරය තවත් වැඩිවීමය. එවැනි පසුබිමක පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක තරුණ මන්ත්‍රීවරයෙකු සිංහල ජනතාවගේද සිත් දිනා ගනිමින් ජාතික ප්‍රශ්නයට සැබෑ විසඳුම් සෙවීමට උත්සාහ කිරීම සැබවින්ම සතුටට කරුණකි. පාර්ලිමේන්තුවේදී ඒ මහතා ප්‍රකාශ කළ ආකාරයෙන්ම වර්තමානයේ ඇති ගැටලු සඳහා ගල් යුගයේ විසඳුම් ගැළපෙන්නේ නැත. ජාතික ගැටලුවට අලුත් ආකාරයේ අලුත් විසඳුම් සෙවීමට රාසමාණික්කම් වැනි අලුත් පන්නයේ දේශපාලනඥයන්ට හැකියාව ඇතැයි රටේ ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැඟෙමින් ඇත්තේ ඒ නිසාය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

කොරෝනාවේ දරුණු-භයානක ප්‍රබේදයක් පැතිරීම පටන් ගනී: දැනටමත් රෝගීන් 1000ක් හමුවෙලා

Next Post

රිෂාඩ්ගේ හිටපු රාජ්‍ය ඇමති CIDයෙන් අල්ලයි

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.