ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආසන්නයෙන් නෙලුව ලංකාගම හරහා දෙණියාය දක්වා ඉදිකෙරෙන මාර්ගය අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග නිකුත් කොට ඇත.
මෙම මාර්ගයෙන් කිලෝමීටර් 1.1ක පමණ දුරක් සිංහරාජ වනාන්තරය ආසන්නයෙන් වැටී තිබුණු අතර පසුගිය දින කිහිපය පුරා බැකෝ යන්ත්‍ර උපයෝගී කරගනිමින් එම මාර්ගය කැපීමේ කටයුතු සිදුකෙරෙමින් පැවතිණ.
කෙසේවෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබද කෙරුණු බලපෑමත් සමග ජනාධිපතිවරයා සිංහරාජයට හානි කරමින් මාර්ගය ඉදිකිරීම අත්හිටුවන ලෙස උපදෙස් ලබා දී ඇත.










