පාස්කු බෝම්බ ප්‍රහාරයේ මරාගෙන මැරුණු බෝම්බකරු වන සහරාන් හසින්ගේ බිරිඳටද කොරෝනා රෝගය ආසාදනය වීම නිසා අද (07) පොළොන්නරුව වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත දැඩි ආරක්ෂාව යටතේ රැගෙන ආ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
වැලිකඩ බන්ධනාගාරයේ සිටි අවුරුදු 25 හැවිරිදි අබ්දුල් කාදර් ෆාතිමා හදියා නම් වූ ඇය බන්ධනාගාර හා පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාව මත රෝහල කරා රැගෙන ආ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඇය සමග වැලිකඩ බන්ධනාගාරයේ සිටි කොරොනා ආසාදිතයින් 28 දෙනෙකු මේ වනවිට වැලිකන්ද කෝවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙනවිත් අවශ්‍ය පහසුකම් හා ප්‍රතිකාර ලබාදෙන බව පොළොන්නරුව මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා සඳහන් කළේය.










