පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා අද (16) සවස 5.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම බොහෝ උණුසුම්කාරී එකක් වනු ඇති බව දැනගන්නට තිබේ.
මෙම රැස්වීමේදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ජන්ද විමසීමක් පවත්වා ගැටලුව විසදා ගැනීමට මුලින් රනිල් වික්‍රමසිංහ මහතා එකගතාව පළ කර තිබුණද මේ වනවිට කිසිදු ජන්ද විමසීමක් නොපවත්වා නායකත්වයේ තමන් තවදුරටත් සිටින බවට විශේෂ ප්‍රකාශයක් පමණක් කිරීමට වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බවට වාර්තා වීම මේ සදහා හේතු වී ඇත.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සජිත් පාර්ශවය වෙත තොරතුරු ලැබීමත් සමග අද දහවල් සජිත් පාර්ශවයද විශේෂ සාකච්ජාවක් පවත්වා ඒ පිළිබදව සාකච්ජා කිරීමට පියවර ගෙන ඇත.
එහිදී තීන්දු වී ඇත්තේ වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතාද පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටය.
ඒ අනුව මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම බොහෝ උණුසුම්කාරී එකක් වනු ඇති බව දැනගන්නට ඇත.










