මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසක් තුළ දී වෙඩි තබා පියා සහ පුතුන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ගිරිඋල්ල ප්‍රදේශයේ දී බිරිද සමග වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී ඊයේ (6) රාත්‍රි 8.00 පමණ පොලිසිය හා විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
මෙලෙස අත්ඩංගුවට ගෙන ඇත්තේ මෙම ඝාතන සිද්ධිය මෙහෙයවු ප්‍රධාන සැකකරු වන ටෂ්වින් නැමැත්තා බවත්, ටෂ්වින් නැමැත්තා ගේ පුතා සහ පෙරේදා ඝාතනය ලක් වු තිදෙනාගේ එක් සහෝදරයකු අතර මෙම සරුංගල් ආරවුල හටගෙන ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
ටෂ්වින් නැමැති ප්‍රධාන සැකකරුගේ පුතා ඝාතනය වු පියපුතු කල්ලිය විසින් මීට පෙර ඝාතනය කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම දෙදෙනාත් සමග මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.










