හෙට (03) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සම්මේලනයේදී දෙපැත්තටම නැති කතාවක් ිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බව වාර්තා වේ.
මීට පෙර සියල්ලන්ම බලාපොරොත්තුවෙන් සිටියේ ජනාධිපතිවරයා පොහොට්ටුව සමග සන්ධානගත වන පුවත නිල වශයෙන් මෙම සම්මේලනයේදී ප්‍රකාශ කරනු ඇතැයි කියාය.
නමුත් එම සාකච්ජා සාර්ථක අන්දමින් පැවැත්වෙද්දී හිටිහැියේම ශ්‍රිලනිප සාමාජිකයන් වන එස්.බී. දිසානායක හා ඩිලාන් පෙරේරා යන ජාතික ලයිස්තු මන්ත්‍රිවරුන් පොහොට්ටු සාමාජිකත්වය ගැනීම ජනාධිපතිවරයාගේ දැඩි නොසතුටට හේතු වී ඇත.
මේ හේතුව මත සම්මේලනයේදී සන්ධානගත වීම සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකොට සාමාන්‍ය කතාවක් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බව දැනගන්නට තිබේ.










