තම පක්ෂයට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා නොදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ලංකා සමසමාජ පක්ෂ ප්‍රධානීන් ආණ්ඩුව වෙත දැඩි විරෝධය පළ කොට ඇත.
එම පක්ෂය ආණ්ඩුවේ ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත්තේ පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් අනෙකුත් සාමාජික පක්ෂ මෙන්ම තම පක්ෂයද විශාල දායකත්වයක් දැක්වූ බවත්, අනෙකුත් සියලු පක්ෂවලට කැබිනට් අමාත්‍ය ධූර ලබා දී තම පක්ෂයට පමණක් අමාත්‍ය ධූරයක් ලබා නොදීම අසාධාරණ බවත්ය.
ඉකුත් රාජපක්ෂ ආණ්ඩු සමයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධූරය තිස්ස විතාරණ මහතාට හිමිවූ අතර මෙම රජය යටතේද තිස්ස විතාරණ මහතාට කැබිනට් අමාත්‍ය ධූරය හිමි වනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි බවද ඔවුන් ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් එම පක්ෂය කරුණු විමසා ඇතත් ඊට නිශ්චිත පිළිතුරක් ලැබී නොමැති බවද දැනගන්නට තිබේ.










