පසුගිය සතියේ අයවැය විවාදයන් සදහා සහභාගී නොවුණද අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (30) දින පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට සහභාගී වීම සදහා පැමිණ ඇති බව වාර්තා වේ.
අරලිය ගහ මන්දිරයේ කොරෝනා රෝගීන් කිහිප දෙනකු වාර්තා වීමත් සමග පසුගිය සතියේ අගමැතිවරයා පිටත පැවැති ප්‍රසිද්ධ අවස්ථාවන්ට සහභාගී වූයේ නැත.
නමුත් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතා සහ මාලදිවයින් විදේශ අමාත්‍යවරිය වූ මරියා ඩිඩී මහත්මිය මුණගැසීමටත්, පෝ දා ධර්ම දේශනා වැඩසටහනටත් සහභාගී වීමට පමණක් අගමැතිවරයා පියවර ගෙන තිබිණ.










