ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටිමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද (16)දින විශේෂ ප්‍රකාශයක් කළේය.
එහිදී මර්වින් සිල්වා මහතා පෙන්වා දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා පසුපස එදා නීතිමය උපදෙස් ලබා දෙමින් සිටියේ විජේදාස රාජපක්ෂ මහතා බවය.
එමෙන්ම එදා යහපාලන ආණ්ඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කිරීමට යද්දී අධිකරණ අමාත්‍යවරයා වශයෙන් එම තත්ත්වය වළක්වාලූ බවද මර්වින් සිල්වා මහතා කීවේය.