සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 27 වැනි සදුදා සවස 2ට දැවැන්ත ප්‍රචාරක රැලියක් කුලියාපිටිය බස් නැවතුම්පොළ ඉදිරිපිටදී පැවැත්වේ.
මෙය සංවිධාන කරනු ලබන්නේ හිටපු අමාත්‍ය, කුලියාපිටිය ප්‍රධාන සංවිධායක උපාලි පියසෝම මහතා විසිනි.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, තිස්ස අත්තනායක, තලතා අතුකෝරාල, සුජීව සේනසිංහ, චන්දිම වීරක්කොඩි, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු විශාල පිරිසක් ඊට එක්වීමට නියමිතය.












