ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර බිහිකරන නව සන්ධානයේ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා නම් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කොට ඇත.
අද (03) දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ආසන සංවිධායකවරුන් සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සමග පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති සාකච්ජාවකදී ප්‍රේමදාස මහතා මේ බව අනාවරණය කර තිබේ.
මීට අමතරව බදාදා (05) දිනයේදී තවත් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට ප්‍රේමදාස මහතා සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.










