විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යාල වනෝද්‍යානය තුළ දුටු දසුනක් සමිබන්ධ වීඩියෝවක් මේ වනවිට මාධ්‍යට නිකුත් වී තිබේ.
යාලෙහි බුතව සංචාරක නිවහන ආසන්නයෙහි ඇති වැවට දිය බීම සදහා අලියකු පැමිණෙන දර්ශනයක් සිය කැමරාවෙහි පටිගත කර ගැනීමට ප්‍රේමදාස මහතාට එහිදී හැකියාව ලැබී තිබේ.
තම පියා වූ රණසිංහ ප්‍රේමදාස මහතා තමන් මාස 6ක බිළිදෙකුව සිටියදී යාල කැලෑව තුළට ගෙන ආ බවත්, කුඩා කල සිටම වනයට සහ වන සතුන්ට ආදරය දැක්වීමට තම පියා තමන්ට ඉගැන්වූ බවත් එහිදී ප්‍රේමදාස මහතා සදහන් කරයි.
එමෙන්ම වත්මන් පරපුරටද සතුන්ට සහ වනයට ආදරය කිරීමට ඉගැන්විය යුතු බවද විපක්ෂනායකවරයා එහිදී සදහන් කර සිටී.










