පකිස්ථානයේදී කුරිරු ලෙස ඝාතනය කළ ප්‍රියන්ත මහතාගේ වියෝව සම්බන්ධයෙන් සිය පවුලට ශෝකය ප්‍රකාශ කිරීම සඳහා ස.ජ.බ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද ඒ මහතාගේ නිවෙසට ගොස් තිබිණ.
ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතකයින්ට එරෙහිව පාකිස්ථාන රජය නීතිය ක්‍රියාත්මක කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවත්, ඒ වෙනුවෙන් අවංක කැපවීම පාකිස්ථාන රජය ඉටුකරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මෙම මිලේච්ඡ කුරිරු ඝාතනය සමගි ජන බලවේගය හෙළා දකින බව පැවසූ විපක්ෂ නායකතුමා, මියගිය ප්‍රියන්ත මහතාට සාධාරණයක් ඉටු කිරීම වෙනුවෙන් ඇප කැපවන බව ද පැවසීය
එම අවස්ථාවට සරත් ෆොන්සේකා, ගයන්ත කරුණාතිලක, අශෝක් අබේසිංහ, අජිත් මාන්නප්පෙරුම ඇතුලු මන්ත්‍රීවරුන්ද ජලනි ප්‍රේමදාස මහත්මියද සහභාගී වී සිටියහ.














