තමන් කිසිදු අවස්ථාවක පක්ෂය කඩාගෙන එළියට ගොස් වෙනත් පක්ෂයකින් හෝ වෙනත් පාර්ශ්වයක් සමග ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කොට ඇත.
ප්‍රේමදාස මහතා මේ බව සදහන් කොට ඇත්තේ ඊයේ (28) රාත්‍රියේ මංගල සමරවීර මහතාගේ නිල නිවෙසේ පැවැති රාත්‍රි භෝජන සංග්‍රහයකදීය.
මංගල සමරවීර මහතාගේ නිල නිවෙසේ පැවැති මෙම රාත්‍රි භෝජන සංග්‍රහයට සජිත් ඇතුළුව එම පාර්ශවය නියෝජනය කරන මන්ත්‍රිවරුන් 22ක් සහභාගීව සිට ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව මෙම රාත්‍රි භෝජන සංග්‍රහය අතරතුරදී විශේෂ ප්‍රකාශයක් කර ඇති සජිත් ප්‍රේමදාස මහතා තමන් කිසිසේත්ම පක්ෂය කඩාගෙන එළියට නොයන බව අවධාරණය කොට ඇත.
කෙසේවෙතත් පසුගිය දින කිහිපය පුරාම සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් මන්ත්‍රිවරුන් දැඩිව සජිිිිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී තිබුණේ එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකය ලෙස නාමයෝජනා නොලැබෙන්නේ නම් පක්ෂයෙන් එළියට ගොස් ජනාධිපති අපේක්ෂකයා ලෙස වෙනත් පක්ෂයකින් හෝ තරග කළ යුතු බවකි.
ඒ සදහා අලුත් පක්ෂයක් පවා සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට ඇතැම් පුද්ගලයන් පසුගිය සතිය වනවිට කටයුතු කොට තිබිණ.