එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නියෝජනය කරමින් එහි නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී සිදුවිය.
ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම උදෙසා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගනුලබන ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රශංසාව පළ කළ විපක්ෂ නායකතුමා මෙරට මැතිවරණය පැවැත්වීම සහ ඒ හරහා ජනතාවගේ පරමාධිපත්‍ය සහතික කිරීම උදෙසා එම සංවිධානයේ සක්‍රීය මැදිහත්වීමේ අවශ්‍යතාවය පිළිබඳව ද අවධාරණය කළේය.













